Thursday, October 29, 2026
HomeNEWSLatest Newsජනතාවට විදුලි බිලේ සහනය ලබා දීමට රජය මේ වන විට කටයුතු...

ජනතාවට විදුලි බිලේ සහනය ලබා දීමට රජය මේ වන විට කටයුතු කර තිබෙනවා….

ජනතාවට විදුලි  බිලේ සහනය ලබා දීමට රජය මේ වන විට කටයුතු කර තිබෙනවා….

ජනතාවට විදුලි  බිලේ සහනය ලබා දීමට රජය මේ වන විට කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් විදුලි වියදමෙන් කොටසක් රජය විසින් දැරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  

අද (2020.07.16) පෙරවරුවේ යටියන්තොට ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කලේය.

ඒ අනුව මාර්තු, අප්‍රේල්, මැයි, මාසවල බිල්පත් වල වටිනාකම පෙබරවාරි මාසයේ බිල්පතේ ගාස්තුවට වඩා වැඩි නම් ඒම පාරිභෝගිකයින් සඳහා පෙබරවාරි මාසයේ බිල්පතේ වටිනාකම අදාල  මාස තුන සදහා ආදේශ කිරීමට කටයුතු කර තිබේ.

මේ වන විට මාර්තු, අප්‍රේල්, මැයි, මාසවල බිල්පත් ගෙවා ඇති   පාරිභෝගිකයින් වැඩිපුර මුදල් ගෙවා ඇත්නම් ඒ මුදල ඉදිරි බිල් පතට හිලව් කිරීමට කටයුතු කරනු ඇත.

නිසි අයවැය ලේඛනයක් නොමැතිව සාමාන්‍ය කැබිනට් මණ්ඩලයක් පවත්වා ගෙන යමින් පසුගිය මාස තුන තුළදී කොරෝනා වෛරසයද මැඩ පවත්වමින් රජය විශාල වැඩ කොටසක් දියත් කළ බවත්, පසුගිය මාස තුනක කාලය තුළ රජය වැඩක් නොකළ බවට ඇතැම් දේශපාලන පක්ෂ සිදු කරන චෝදනාව මැතිවරණයේදී ජනතාව පිළිතුරු දෙනු ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.2005 වසරේ යුද්ධය අවසන් වූ දින සිට ජනතාවට නිදහස ලබා දෙමින් රට සංවර්ධනය කරමින් සාර්ථකව ඉදිරියට ආ ගමන 2015 දී නතර වූ අතර, ආපස්සට ගිය රටේ ඉදිරි ගමන නව රජයක් තුළින් සාර්ථකව ආරම්භ කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img