Tuesday, November 24, 2026
HomeNEWSහෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි.

කෙසේ වෙතත්, මෙම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට නම්, වන්දි ගෙවීම්, සම්බාධක ඉවත් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික තර්ජන නැවැත්වීම ඇතුළු කොන්දේසි අමෙරිකාව සපුරාලිය යුතු බව ඉරානය නැවතත් අවධාරණය කර සිටී.

පසුගිය පෙබරවාරි අගදී අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය මෙම මුහුදු මාර්ගය වසා දැමීය.

ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්චි ප්‍රකාශ කළේ ඕමානය සමඟ ඇති කරගන්නා ගිවිසුම මගින් නව නාවික මාර්ග තීරණය වන නමුත්, අමෙරිකාව තම ඉල්ලීම් ඉටු කරන තෙක් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවය.

අමෙරිකාව ජූනි මාසයේ ඇති කරගත් අතුරු ගිවිසුම කඩකර ඇති බැවින් සෘජු සාකච්ඡා නොපවත්වන බවත්, මැදිහත්කරුවන් හරහා පමණක් පණිවිඩ හුවමාරු වන බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ තමන් ඉරානය සමඟ දැඩිව මැදිහත් නොවී, ඔවුන්ගේ ආර්ථික පීඩනය දෙස බලා සිටින බවය.

ඉරානයේ කොන්දේසි-

ඇමෙරිකානු ප්‍රහාරවලින් සිදු වූ හානියට වන්දි ගෙවීම.

ඉරානයට එරෙහි තර්ජන සහ ඉරාන හිතවාදී පාර්ශ්වයන්ට (ලෙබනනය, පලස්තීනය, යේමනය, ඉරාකය) එල්ල කරන ප්‍රහාර නැවැත්වීම.

පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු නාවික වැටලීම් නැවැත්වීම, සම්බාධක ඉවත් කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන දේපළ නිදහස් කිරීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැයෙන් වෙන් කරපු මුදලවත් වියදම් කරගන්න බැරුව ආණ්ඩුවට රට සංවර්ධනය කරන්නේ කොහොමද? ඒකාබද්ධ විපක්ෂය

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (24) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් අද අපේ රටේ තිබෙන ප්‍රධාන...

මීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ආරක්ෂිත ස්ථානවලට

මීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ඉවත්කර ජනතාවට ආරක්ෂිත වාසස්ථාන ලබාදීමට විශේෂ ව්‍යාපෘතියක්......! කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ දහම්පුර සහ කුරුණියාවත්ත ග්‍රාම නිලධාරි...

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන ප්‍රවාහන නෞකා 03 ක් නාවික බෝම්බවල ගැටෙයි

නීති උල්ලංඝනය කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන ප්‍රවාහන නෞකා 03 ක් නාවික බෝම්බවල ගැටී ඇති බව ඉරානය පවසයි.

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

අගෝස්තු මාසයෙන් පසු බොරතෙල් මිලෙහි අවම අගය වාර්තා කරමින්,WTI 3.9% කින් පහළ ගොස් ඇ.ඩො. 80.17 ක් ලෙස සටහන් වෙයි;බ්‍රෙන්ට් 3.5% කින් අඩුවී ඇ.ඩො. 89.37...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img