ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ මතය පිළිබඳ ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් අද (12) ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රසිද්ධ කළේය.
ඔහු පෙන්වා දෙන්නේ එම ලිපිය මගින් ත්‍රෛනිකායික මහ නාහිමිවරු මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවය.සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හරහා රටේ පවතින නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරීමට ප්‍රති කර්මයක් නෙවෙයි. ඒ වගේම ආණ්ඩුවේ අවශ්‍යතාවයට , අධිකරණය දේශපාලනීකරණය කිරීමට , ආණ්ඩුවට විරුද්ධ කටයුතු කරන පුද්ගලයන්ට දඩුවම් ලබාදීමට , ආණ්ඩුවට හිතවත් පිරිස් ආරක්ෂා කර ගැනීමට සිදුකරන මෙම කටයුත්තට පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබෙනවා. ඒ වගේම මහානායක ස්වාමීන් වහන්සේලාද මෙම කටයුත්තට විරුද්ධ බව ජනාධිපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබෙනවා.
ඒ වගේම ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව සුදානමක් තිබෙන බව මාසයකට පමණ පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ පසු එවැන්නක් සිදුකිරීමට ආණ්ඩුව තිරණය කර නැති බව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුළදී විහිළුවට ලක් කරන්න කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් ආණ්ඩුව තුළ එවැනි සාකච්ඡාවක් සිදුවන බව පසුව අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. මේ ආකාරයට මෙම කාරණයට විහිළුවට ලක් කරන්න ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා.
කෙසේ නමුත් ආණ්ඩුවේ පැවැත්ම මේ වනවිට අවදානම් තත්ත්වයකයි පවතින්නේ. ආණ්ඩුව තුළ සිදුවන වංචා දුෂණ දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. කෙසේ නමුත් අවසානයේදී මෙම වංචා දුෂණ නිසා සිදුවන පාඩුව ගෙවන්න සිදුවන්නේ රටේ අහිංසක ජනතාවට. ඒ අනුව ආණ්ඩුව තුළ සිදුවන මහා පරිමාන වංචා දුෂණ හොරකම් වසා ගැනීමට ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් මෙම කාරණය හරහා ජනාධිපති අනුර දිසානායක මහතාගේ දේශපාලන ගමනට විශාල බලපෑමක් එල්ල වෙනවා. මීට පෙර සිටි කිසිදු ජනාධිපතිවරයෙක් මේ ආකාරයේ බලපෑමක් අධිකරණ ක්ශ්‍රේත්‍රයට එල්ල කරලත් නැහැ.
ඒ වගේම ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලා විසින් නිකුත් කළ ලිපියක් ලැබුණේ නැති බව පසුගිය 4 වැනිදා නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා. නමුත් මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ලිපියක් ලැබුණ බව ඊයේ දිනයේදී නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මහානායක ස්වාමීන් වහන්සේලා බැහ දැක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කටයුතු කළ බව ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා.
ඒ වගේම ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණ ක්ශ්රේත්රයේම ප්‍රශ්නාර්ථයක් ඇති කරවීමට හේතුවන බවත් ඒ වගේම අධිකරණය මගින් යුක්ති පසිදලීම සිදුකිරීම පමණක් නෙවෙයි එය සිදුකරන බව පෙනිය යුතු බවත් මෙම කාරණය රටේ අධිකරණ පද්ධතියේ බරපතල ප්‍රශ්නාර්ථයක් ඇති කරලීමට හේතුවක් වන බවත් එම පුර්වාදර්ශය අධිකරණ පද්ධතිය සහමුලින්ම විනාශ කිරීමට හේතු විය හැකි බවත් නොපැනවූ නිති පැවවීමෙන් රජයේ ස්ථාවරත්වයට විශාල බලපෑමක් එල්ල වන බවත් රාජ්‍ය විශ්වාසය තහවුරුවන ආකාරයට රාජ්‍ය නායකයා කටයුතු කිරීම වගකිම බවත් විනිසුරුවන්ගේ ස්වාධීනත්වය කෙරෙහිද ප්‍රශ්නාර්ථයක් ඇති කිරීමට හේතුවක් බව බවත් ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් ඇති කිරිමේ සංශෝධනයක් සිදුකිරිමේන් වැළකි සිටින්නැයි මහානායක හිමිවරු ලිපියක් මගින් දන්වා තිබෙනවා.
ඒ වගේම ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සියලුම ආගමික නායකින් විරෝධය පළ කර තිබෙනවා. එපමණක් නොව ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ගේ සංගමය , ලෝ ඒෂියා සංගමය , කොළඹ මහධිකරණ විනිසුරුවරුන් , අන්තර්ජාතික විනිසුරුවන්ගේ සංගමය ඇතුළු ජාත්‍යන්තර ආයතන මෙම තීරණයට විරෝදය පළ කර තිබෙනවා. ඒ වගේම මෙම සංශෝධනය ගෙන ඒමට මීට පෙර අධිකරණ පද්ධතියට සිදුකළ සුලු වෙනස්වීම් ද බලපා තිබෙනවා. වර්තමාන ආණ්ඩුව සිදුකරන සංශෝධනයෙන් අධිකරණ පද්ධතියට ඕනෑම බලපෑමක් සිදුකළ හැකියි. ඒ වගේම අධිකරණ පද්ධතියේ යම් තැනක දෝෂයක් ඇති වුවහොත් එය මුළු රටටම බලපානු ලබනවා. ඒ වගේම මෙම සංශෝධනය ගෙන ඒමට ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. නමුත් ආණ්ඩුව ජනමත විචාරණයක් පවත්වන්න කටයුතු කරන්නේ නැහැ. එසේ සිදුකළහොත් ආණ්ඩුවට විශාල තර්ජනයක් එල්ල වෙනවා. ඒ වගේම ආණ්ඩුව රටේ සිටින සෑම පරිපාලන පද්ධතියකටම ප්‍රහාරයක් එල්ල කරන්න කටයුතු කරනු ලැබුවා. මේ හරහා තමන්ගේ පාලනය දිර්ඝ කර ගන්න ආණ්ඩුව කටයුතු කරනු ලබනවා. නමුත් වර්තමානයේ එවැනි දේවල් සිදුකරන්න හැකියාවක් නැහැ. ඒ වගේම වසර 72 ක් තුළ සිදුව ලොකුව විනාශය බවට මෙය පත්වෙනවා. ඒ නිසා මෙය වහාම නතර කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.‘‘






















