Saturday, August 15, 2026
HomeNEWSආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව, සෛරීත්වය, ඒකීයභාවය සුරක්ෂිත කරන්නට දැවැන්ත මෙහෙවරක් ඉටු කළ නිසා ඔවුන්ට දැක්විය හැකි උපරිම කෙළෙහිගුණය දැක්විය යුතු බවත් මේ වන විට ආබාධිත රණවිරුවන්ගේ බරපතළ ගැටලු රැසකට තවමත් විසඳුම් ලැබී නැති බවත් ක්‍රමයේ වෙනසක් කරනවා කියා බලයට පත් වත්මන් රජය ආබාධිත රණවිරුවන් ඇතුළු රණවිරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම අවධානය යොමු කිරීම දුර්වල මට්ටමක පවත්වාගෙන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආබාධිත රණවිරුවන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳ සාකච්ඡාවක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායකක කාර්යාලයේදී පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

අප රටේ රණවිරුවන්ට 1981 විශේෂ විධිවිධාන ක්‍රමවේදය තුළ දුබලතාව ආබාධිත තත්ත්වයට හෝ මිය යෑමට ලක් වුවහොත් දීමනා වේතන හා වරප්‍රසාද සියල්ල ලබා දෙන බවත් මෙය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩුවක් 2016 දී හඳුනාගෙන සේවා කාලය වසර 22න් විශ්‍රාම ගිය නමුත් යුද පිටියේදී ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත් වු රණවිරුවන්ට සිදුවූ යම් අසාධාරණයක් නිවැරදි කිරීමට ඔවුන් වෛද්‍ය මණ්ඩලයකට කැදවා ඔවුන්ගේ ඉපැයීමේ හීනතාව 20%ට වැඩි නම් අඛණ්ඩව වයස 55 තෙක් සියලුම වේතන දීමනා ගෙවීම් වැටුප් වර්ධක ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට මේ තත්ත්වයට මුහුණ දී ඇති රණවිරු ප්‍රජාව 2014.02.28 දින පනවපු චක්‍රලේඛයක් අනුව ඔවුන්ව 2014.03.01ට පෙර සහ පසු ආබාධිත රණවිරුවන් කියා කොටස් 2කට නම් කර 2014.03.01ට පෙර රණවිරුවන්ට පෙර සඳහන් කළ සියලු වරප්‍රසාද දීමනා වැටුප් වර්ධක දීමත් 2014.03.01ට පසු විශ්‍රාම ගිය 500කට ආසන්න ප්‍රමාණයකට මෙය නොලැබිමත් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා ආබාධිත රණවිරුවන් කොටස් 2කට කඩා දෙවිදියකට සකලන බවත් මේ නිසා මේ අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන නිසා වහා නිවැරදි විය යුතු බවත් ජනාධිපතිවරයා රජය මෙයට මැදිහත් වී මේ අඩුපාඩුව නිවැරදි කර ගත යුතු බවත් රජය බලයට පත්ව ගත් අමාත්‍ය මණ්ඩල තීරණවලින්ද මේ එකම ආබාධිත රණවිරු කොට්ඨාසයකට දෙවිදියකට සැලකීමය සාධාරණයක් ඉටුව නැති නිසා දැන්වත් මොවුන්ට සාධාරණය ඉටු විය යුතු බවත් මොවුන්ට හිමි හිග වැටුප් දීමනා නැවත ලැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...

ජනපති ප්‍රමුඛ මාලිමාව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනය කරනවා- විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාව ගරු අධිකරණයේ ස්වාධීනත්වය සමූළ ඝාතනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ගරු අධිකරනයේ ස්වාධීනත්වය සමූල ඝාතනයට ලක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img