Tuesday, August 18, 2026
HomeNEWS22 ඇතුළේ කියන තරම් යකෙක් නෑ” – අධිකරණ ඇමති

22 ඇතුළේ කියන තරම් යකෙක් නෑ” – අධිකරණ ඇමති

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙම සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් ද නව විධිවිධාන හඳුන්වා දී ඇති අතර, ඒ අනුව වයස අවුරුදු 67 සම්පූර්ණ වීම හෝ ධුරයට පත්ව වසර 6ක් සම්පූර්ණ වීම යන කරුණු දෙකෙන් මුලින්ම එළඹෙන අවස්ථාවේදී අගවිනිසුරුවරයා විශ්‍රාම යා යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.

මීට අමතරව, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මගින් මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමටත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ, ඇතැම් පාර්ශව පෙන්වා දෙන ආකාරයේ “යක්ෂයෙකු” මෙම සංශෝධනය තුළ නොමැති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් සංවිධාන තොරතුරු විකෘති කරමින් සහ අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කරමින් දේශීය හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් නොමඟ යැවීමට උත්සාහ කරන බවයි.

කෙසේ වෙතත්, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් ඇතුළත ඕනෑම පුද්ගලයෙකුට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නීතිමය අවස්ථාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන සංශෝධනයට එරෙහිව සර්වජන බලයෙන් පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය...

22 වන සංශෝධනයට එරෙහිව සජබයෙන් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්...

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් 

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද...

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img