Saturday, October 31, 2026
HomeNEWS22 ඇතුළේ කියන තරම් යකෙක් නෑ” – අධිකරණ ඇමති

22 ඇතුළේ කියන තරම් යකෙක් නෑ” – අධිකරණ ඇමති

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙම සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් ද නව විධිවිධාන හඳුන්වා දී ඇති අතර, ඒ අනුව වයස අවුරුදු 67 සම්පූර්ණ වීම හෝ ධුරයට පත්ව වසර 6ක් සම්පූර්ණ වීම යන කරුණු දෙකෙන් මුලින්ම එළඹෙන අවස්ථාවේදී අගවිනිසුරුවරයා විශ්‍රාම යා යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.

මීට අමතරව, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මගින් මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමටත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ, ඇතැම් පාර්ශව පෙන්වා දෙන ආකාරයේ “යක්ෂයෙකු” මෙම සංශෝධනය තුළ නොමැති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් සංවිධාන තොරතුරු විකෘති කරමින් සහ අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කරමින් දේශීය හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් නොමඟ යැවීමට උත්සාහ කරන බවයි.

කෙසේ වෙතත්, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් ඇතුළත ඕනෑම පුද්ගලයෙකුට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නීතිමය අවස්ථාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img