Friday, October 30, 2026
HomeNEWSකොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලෝක බැංකු ණය සහ ආධාර යටතේ, බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව එක්ව කොළඹ කොටුව ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන සහ ගොඩනැගිලි ආරක්ෂා කරමින් සංවර්ධනය කිරීමටත්, විධිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මෙන්ම, මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය නගරය සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමග සම්බන්ධ වෙමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව සිදු කෙරෙන මූලික අධ්‍යයනයන් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ප්‍රදේශයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා විධිමත් අධ්‍යයනයක් (Traffic Study) සිදු කරමින් තිබෙන බවද සඳහන් කෙරිණි.

ව්‍යාපෘතියට අදාළ සමස්ත සැලැස්ම සකස් කර, නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාව එක්ව නැවත ඒ පිළිබඳ සාකච්ඡා කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ඇළමාර්ග සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී.හේමචන්ද්‍ර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීහුද, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-08-19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img