Friday, October 30, 2026
HomeNEWSකිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්ව⁣ා දෙන්නේ අවම වශයෙන් ශ්‍රී ලාංකික මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවත් මේ සම්බන්ධයෙන් කතා නොකිරීම බරපතල අඩුපාඩුවක් බවයි.

ෂිරාස් යුණුස් මහතා මේ බව ප්‍රකාශ කළේ මෙරට පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය විසින් පසුගියදා සංවිධානයකරන ලද කාශ්මීර දිනය සැමරීමේ උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ෂිරාෂ් යුණුස් මහතා මෙසේද ප්‍රකාශ කළේය.

 කාශ්මීරය පිළිබඳව අවුරුදු හැත්තෑ නමයක් තිස්සේ කතා වෙනවා.1947 දී පාකිස්තානය හා ඉන්දියාව කියන රටවල් දෙක හැදුනා.1947 අගෝස්තු 14වෙනදා පාකිස්ථානය හැදුනා. අගෝස්තු 15වෙනිදා ඉන්දියාව හැදුනා.

කාශ්මීරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මත තුනක් තිබුණා.

කාශ්මීරය පාකිස්ථානයට එක් කර ගන්න ඕන කියල මතයක් තිබුණා. ඒ වගේම කාශ්මීරය ඉන්දියාවට එක් කරගන්න ඕන කියලා මතයකුත් තිබුණා. ඒ වගේම ජනමත විචාරණයක් පවත්වලා කාශ්මීරය ස්වාධීනව තබා ගත යුතුයි කියන මතයකුත් තිබුණා.

නමුත් අවුරුදු හැත්තෑ නමයක් වෙනවා කාශ්මීරය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.නමුත් ඒ අතර තුර නැගෙනහිර ටීමෝරය හැදුනා.ඒ අතරතුර රොඩේෂියාව,දකුණු සුඩානය ඇතුළු තවත් අලුත් රටවල් හැදුනා.නමුත් කාශ්මීරය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ.

අපේ රටේ ශ්‍රී ලාංකික මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වේවා, පළාත් සභා මන්ත්‍රීවරු වේවා කිසිම කෙනෙක් එක වචනයක්වත් කාශ්මීරය ගැන කතා කරලා නැහැ.

කිලෝමීටර් දහස් ගණනක් ඈත තියෙන පලස්තීනය ගැන අපි කතා කරනවා. නමුත් අසල්වාසී ඉන්දියාව ගැන කතා කරන්නේ නෑ. ඇයි අපි බයද? අප්සෙට්ද?

මං අපේ මාධ්‍ය ගැනත් යමක් කතා කරන්න කැමතියි. කාශ්මීරය ගැන එක වචනයක්වත් අපේ මාධ්‍යවලත් කතා වෙන්නේ නෑ. ඒ ගැන මට කණගාටුයි.

පලස්තීනය ගැන මාධ්‍ය වාර්තා කරනවා. නැගෙනහිර ටීමෝරය ගැන මාධ්‍ය වාර්තා කරනවා.වියට්නාමය, සිරියාව ඇතුළු රටවල් ගැන වාර්තා කරනවා. නමුත් කාශ්මීරය ගැන එක වචනයක්වත් මාධ්‍යවල වාර්තා වන්නේ නැහැ.

ඉන්දියාවෙන් බලපෑම් එල්ල වන නිසාද කාශ්මීරය ගැන වාර්තා කරන්නේ නැත්තේ? කතා කරන්නේ නැත්තේ?

බලපෑම් අවුරුදු තිහක් තිස්සේ තියෙනවා. තාමත් තියෙනවා. නමුත් ඇයි අපි බලපෑම්වලට යටත්වෙන්නේ.

ඒවගේම ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කාශ්මීරය ගැන වචනයක්වත් කතා කරලා නැහැ.ඒ ඇයි කියලා මම ප්‍රශ්න කරනවා.

අපේ රටේ අවුරුදු තිහක යුද්ධයක් තිබුණා.ඒ වෙලාවේ අපට පාකිස්ථානය, ඉරානය උදව් කළ බව හැමෝම දන්නවා.

අද පාකිස්ථානය නැත්නම් කාශ්මීය ඉතුරු වෙන්නේේ නැහැ.ඒවාගේම ඉරානය නැත්නම් පලස්තීනයක් අද ඉතුරු වෙන්නෙත් නැහැ.

ඒ නිසා කාශ්මීරය ගැන අවධානය යොමු කරන්න කියලා ආණ්ඩු පක්ෂයෙන්, විරුද්ධ පක්ෂයෙන් වාගේම මේ රටේ මාධ්‍යයෙනුත් මම ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට(30) වැඩ වර්ජනයක

ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, හෙට (30) රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ එක්දින වැඩ වර්ජනයක්: විශ්ව විද්‍යාල ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img