Thursday, October 29, 2026
HomeNEWSරජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා - විපක්ෂ නායක...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරනවා කියා බවත් පවතින විධායක ජනාධිපති බලතල වෙනස් කර නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර මූලික අයිතිවාසිකම් වෙනස් කර මූලික අයිතිවාසිකම් තවදුරටත් සවිබල කර ජනතාවගේ ආර්ථික සමාජීය දේශපාලන අයිතිවාසිකම් සවිබල ගන්වා සුරක්ෂිත දේශයක් නිර්මාණය කරන බව පැවසූ නිසා ජනතාව මේ රජය බලයට පත් කළත් මේ වන විට අනුර කුමාර දිසානායක රජය ජනතාවට ලබා දුන් පොරොන්දු එකක්වත් ඉටු කරන්න නොහැකිව අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ඉන්ධන මිල විදුලි බිල අඩු කිරීම සේම දුප්පත්කම තුරන් කිරීමට ද නොහැකි වී ඇති බවත් මෙරට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගොවියා ධීවරයා කම්කරුවා සවිබල ගැන්වීම ආදි සැම පැත්තකින්ම ජනතාවට බොරු කියා ඒවා ඉටු කරන්න නොහැකි වී ඇති මොහොතක රාජ්‍යට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් තර්ජනය බිය ගැන්වීම රාජ්‍ය භීෂණය ව්‍යාප්ත කර පොරොන්දු ඉටු නොකිරීම නිසා ගිලිහී යන බලය රදවා ගැනීමට ඒකාධිපති වියරුවෙන් දරදඩු අණපනත් රැසක් ගෙන එන්න යොමු ව ඇති බවත් රාජ්‍ය එ⁣රෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් ජනතාවගේ සිවිල්, මානව හා දේශපාලන අයිතිවාසිකම් පළුදු වී යන බවත් ත්‍රස්තවාදීයා නිර්වචනය කිරීමේ බලය රජයට යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජයට හදන්නේ හිංසනය මූලික කර ගත් පළිගැනිමක් ක්‍රියාත්මක කරන්න

තවත් ප්‍රතිපාදන තුළින් හිංසනය පීඩනය අසහනය දේශපාලනය කේන්ද්‍ර කර ගත් පළිගැනීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය මුලින් උපුටා දමමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා යොමු වන්නේ අසමත්කම බැරි කම අසාර්ථකකම නිසා බවත් ජනතාව අතරට යන්න බැරිව අසරණ වී සිටින රජයේ නියෝජිතයන් මේ දරදඩු නීති හරහා තම අයිතිවාසිකම් සුරක්ෂා කර ගන්න කටයුතු කරන බවත් රාජ්‍යට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන්නේ රජයේ බොරු පොරොන්දු නිසා ජනතාව තුළ අප්‍රසාදය ඇති වීම වළක්වන්න තර්ජනය මර්දනය තුළින් බලය රැක ගැනීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය හදන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙන් විධායක බලතල ශක්තිමත් කර ගන්න

ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීමේ අනපනත් සදහා ජාත්‍යන්තර නීති රීති රෙගුලාසි අවශ්‍ය බවත් මේ අණපනත් තුළ නීතිරීති නිර්මාණය කර ඇත්තේ විධායකය බලවත් කර ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර තනි පක්ෂ පාලනයක් කරා යාමට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජයේ මර්දන අණපනත් නිසා GSP+ අහිමි විය හැකියි

මෙවැනි අණපනත් තුළින් රටට බරපතළ අවාසිදායක තත්ත්ව නිර්මාණය වන බවත් යුරෝපා හවුල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර ගන්න කිව්වත් ඔවුන් ඊටත් වඩා දරදඩු මර්දනය කරන පනත් අපේක්ෂා නොකළ බවත් යුරෝපා හවුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මානව අයිතිය සුරක්ෂිත කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරිම කොන්දේසියක් බවට පත් කර GSP + සහනය දෙන්න කටයුතු කළ බවත් රජයේ මේ දරදඩු නීති නිසා මේ GSP + සහන අපනයන සදහා අහිමිවිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට වරම ලැබුනේ ජනතාව ශක්තිමත් කරන්න මිස පැලවත්ත පක්ෂ කාර්යාලය ශක්තිමත් කරන්න නොවේ

දැන්වත් නොහැකියාව නිසා ජනතාව පීඩනයට පත් නොකර ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරන අණපනත් ⁣ගෙන එන්නේ නැතිව නව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් සකස් කර ජනතාවගේ මූලික අයිතිවාසිකම් තවත් සුරක්ෂිත කළ යුතු බවත් අණපනත් හරහා ජනතාවගේ අයිතිය උල්ලංඝනය නොකර ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙසත් රජයට වරම ලැබුනේ පැලවත්තේ පාලනය ශක්තිමත් කරන්න නොව ජනතාවගේ සෛරීත්වය පරමාධිපත්‍යය සුරක්ෂා කිරීමට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/mi0h_ZElrTw?si=YR9WmUsmyQM-1Sc4 .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට(30) වැඩ වර්ජනයක

ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, හෙට (30) රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ එක්දින වැඩ වර්ජනයක්: විශ්ව විද්‍යාල ආචාර්ය...

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි… උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air සමාගම, ඊයේ (28) දින ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ...

Mbappé නිසා Real Madrid පාපන්දු සංගමය චීන ජනතාවගෙන් සමාව අයදී

චීන ජනතාවගෙන් සමාව අයැද Real Madrid පාපන්දු සංගමයෙන් චීන මාධ්‍ය සමූහයට ලිපියක් Real Madrid පාපන්දු සංගමයේ ක්‍රීඩක Kylian Mbappéගේ නොසැලකිලිමත් ප්‍රකාශ සම්බන්ධයෙන් එම පාපන්දු සංගමය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img