Thursday, October 29, 2026
HomeNEWSජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට මෙන්ම, රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේ සහ නිරෝගී ජනතාවක් බිහිකිරීමේ අරමුණින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බවට බෝ නොවන රෝග පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අභියෝගයට මුහුණදීම සඳහා ක්‍රීඩාවට පුළුල් කාර්යභාරයක් ඉටු කළ හැකි බව සඳහන් කළේය. ඒ වෙනුවෙන් ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කරමින්, ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා වැඩි වශයෙන් ක්‍රීඩාවට යොමු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම, දිවයින පුරා ඇවිදීමේ මංතීරු ඉදිකර තිබුණද, ඇතැම් ප්‍රදේශවල ඒවායේ අපේක්ෂිත ප්‍රයෝජනය නිසි පරිදි අත්කර ගැනීමට නොහැකි වී ඇති බැවින්, එම පහසුකම් ප්‍රයෝජනයට ගැනීම සඳහා ජනතාව දිරිගන්වන නව වැඩසටහන් හඳුන්වාදීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දිවයින පුරා පිහිටි ක්‍රීඩාංගණ, ඇවිදීමේ මංතීරු සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමෙන් මෙම වැඩසටහන් නිසි ලෙස සැලසුම් කිරීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීම, අනුරාධපුරයේ මීටර් 400ක කෘත්‍රිම ධාවන පථයක් ඉදිකිරීම, දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කර එය සංවර්ධනය කිරීම සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීම මෙන්ම ක්‍රීඩා වෛද්‍ය ආයතන හා විශ්වවිද්‍යාල ඒකාබද්ධව ක්‍රීඩාව සහ ව්‍යායාම සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ කටයුතු ඇතුළු 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරිණි.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එස්. අච්චුදන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-10-29

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට(30) වැඩ වර්ජනයක

ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, හෙට (30) රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ එක්දින වැඩ වර්ජනයක්: විශ්ව විද්‍යාල ආචාර්ය...

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි… උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air සමාගම, ඊයේ (28) දින ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ...

Mbappé නිසා Real Madrid පාපන්දු සංගමය චීන ජනතාවගෙන් සමාව අයදී

චීන ජනතාවගෙන් සමාව අයැද Real Madrid පාපන්දු සංගමයෙන් චීන මාධ්‍ය සමූහයට ලිපියක් Real Madrid පාපන්දු සංගමයේ ක්‍රීඩක Kylian Mbappéගේ නොසැලකිලිමත් ප්‍රකාශ සම්බන්ධයෙන් එම පාපන්දු සංගමය...

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත්

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස අපි සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුමන අවස්ථාවකදීවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img