Friday, August 21, 2026
HomeNEWSනන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් - අවසන් කටයුතු 22 සෙනසුරාදා

නන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් – අවසන් කටයුතු 22 සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත. ඇගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත එළඹෙන සෙනසුරාදා (22) දිනය ද ඊට ඇතුළත් වේ.මෙම ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කිරීමට අදාළ වැඩිදුර විස්තර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළ පරිදි, අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදිනියගේ දේහය හෙට (21) උදෑසන 10.00 සිට මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේදී ජනතාවට ඇයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව හිමිවේ.

සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතව ඇත. අග්‍රගණ්‍ය ගායිකාවගේ අවසන් කැමැත්තට උපරිමයෙන් ගරු කරමින්, කිසිදු නිල හෝ විශේෂ අවමංගල්‍ය උත්සව සංවිධානය කිරීමකින් තොරව සෙනසුරාදා පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර ඇති බව මහාචාර්ය සුනිල් ආරියරත්න වැඩිදුරටත් තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. ​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක...

දිස්ත්‍රික්ක රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කථානායක...

මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේදී අනතුරක්.. පස් දෙනකු මරුට

කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් මොණරාගල - කුඔුක්කන ප්‍රදේශයේදී ට්‍රිපර් රථයක ගැටී අද (21) අලුයම සිදු වූ අනතුරකින් එකම පවුලේ 2...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img