Sunday, August 23, 2026
HomeNEWSශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බරපතළ ගැටලු සහගත තත්ත්වයක් මතුකරවන බව දිනන දකුණ සාමූහිකයේ විශ්වාසයයි.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පාර්ශවයන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කෙරෙමින් පවතින අවස්ථාවක මෙරට අධිකරණ අමාත්‍යවරයා මෙන්ම නීතිඥවරයකු වන හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් “කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කිරීම දිනන දකුණ සාමූහිකය දැඩි ලෙස හෙලා දකින්නෙමු.

මේ පිළිබඳව වත්මන් රජයේ ස්ථාවරය කුමක්දැයි පැහැදිලිව රට හමුවේ ප්‍රකාශ කරන ලෙස අප ඉල්ලා සිටින්නෙමු.

ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල පෙත්සම් විභාගයට ලක්කර තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී ඊට පෙර ආණ්ඩුවේ වගකිවයුතු කැබිනට් අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම හරහා බලාපොරොත්තු වන්නේ ස්වාධීන අධිකරණයට යම් බලපෑමක් සිදු කිරීමට දැයි සාධාරණ සැකයක් මතුවනු ඇත.

මීට පෙර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙවැනිම ප්‍රකාශයක් සිදුකර ඇති බැවින් අධිකරණ ක්‍රියාවලියට බලපෑමක් එල්ල වන මෙවැනි ප්‍රකාශයන් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන...

22 සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි. පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී...

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ...

මහාචාර්ය ජි.එල්. පිරිස් මහතා හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා හා ජනතාවාදී එකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා අතර හමුවක් පසුගිය(21)දා ඉන්දීය මහ කොමසාරිස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img