සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘ආණ්ඩුවේ ජනප්රියභාවය සියයට 65 ක් තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් එම තත්ත්වය තිබුණේ දින කිහිපයක් පමණයි. මේ වනවිට ආණ්ඩුවේ ජනප්‍රියතාවය සියයට 15 කින් පහත බැස තිබෙනවා. ඒ වගේම ආර්ථිකය පිළිබඳව ජනතාවගේ මතය සියයට 57 සිට සියයට 38 දක්වා අඩු වී තිබෙනවා. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳව ජනතාව සතුව තිබුණ විශ්වාසය අඩු වී තිබෙනවා. ඒ වගේම ආර්ථික අපෙක්ෂාවන් සියයට 64 සිට සියයට 42 දක්වා අඩු වී තිබෙනවා. සමාජයේ තෘප්තිමත්භාවය සියයට 50 සිට සියයට 38 දක්වා අඩු වී තිබෙනවා. මේ කරුණු තුනෙන්ම ආණ්ඩුව විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා. මේ සඳහා හේතු ගණනාවක් බලපා තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු නොකරීම සහ ආණ්ඩුව ආර්ථිකය ගොඩනැගීමට ගන්නා උත්සාහයන් මතයි මෙවැනි ප්‍රතිඵලයක් ලැබී තිබෙන්නේ. ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉහළ මට්ටමක තිබෙන බව වාර්තා කළ වෙරිටේ රිසච් ආයතනයම අද ආණ්ඩුවේ තත්ත්වය රටට ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි කිසිදු පැහැදිමක් නැහැ. රටේ ඇත්ත තත්ත්වය ජනතාවට තේරුම් ගොස් තිබෙනවා. ආණ්ඩුවට තිබෙන ජනප්රසාදයේ වැඩිවීමක් නැහැ. දිනෙන් දින ආණ්ඩුවට කෙරෙහි තිබුණ ජනප්රසාදය බිඳවැටෙමින් තිබෙනවා. ඒ වගේම ජනාධිපති අනුර දිසානායක සහභාගි වන රැස්වීම් මාලාවක් රට පුරා පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කටයුතු කරන්නේ රටේ ජනතාව නැවත මුලාවට පත් කරන්නයි. ඒ වගේම රට පුරා රැස්වීම් පැවැත්වූවාට ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒ වගේම ආණ්ඩුවේ ගෙවුණ වසර දෙක ජනතාව කිසිසේත් තෘප්තිමත් නොවුණ වසර දෙකක් බව කිව යුතුයි. ඒ වගේම අනාගත අපෙක්ෂාවන් පිළිබඳව විශ්වාස කළ නොහැකි වසර දෙකක් බවට ආණ්ඩුවේ ගෙවුණ වසර දෙක පත්වී තිබෙනවා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ ආහාර වියදම් ගැන පසුගිය සතියේ වාර්තා වී තිබුණා. නමුත් ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ආහාර වියදම සියයට 148 කින් ඉහළ ගොස් තිබෙනවා. රුපියල් කෝටි 24.7 ඉක්මවූ මුදලක් පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වියදම් කර තිබෙනවා. ඒ වගේම වතුර බෝතල් සඳහා ලක්ෂ 22 ක් වියදම් කර තිබෙනවා. ඒ වගේම දෛනිකව කැම ලබා ගැනිමට පැමිණෙන පිරිස 1000 සිට 1200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අමුත්තන්ට ආහාර සැපයීම සියයට 119 කින් වැඩි වී තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපති අනුර දිසානායක සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේ ආහාර වියදම් පිළිබඳව දිගින් දිගටම කතා කළා. පාර්ලිමේන්තුවේ ආපනශාලාව වසා දමන බවයි ආණ්ඩු පාර්ශ්වයේ පිරිස් ප්‍රකාශ කළේ. නමුත් දැන් රුපියල් කෝටි 24.7 ආහාර පාර්ලිමේන්තුවෙන් ලබාගෙන තිබෙනවා. ආණ්ඩුවේ පිරිස් පාර්ලිමේන්තුවේ ආහාර පිළිබඳව සමාජ වෛරයක් ගොඩ නගන්න උත්සහ කළා. ආණ්ඩුවේ පිරිස් පාර්ලිමේන්තුවේ පහසුකම් උපරිමයෙන් භුක්ති විදන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම මෙම වරද පාර්ලිමේන්තුවේ සේවකයන් මත පටවන්න ආණ්ඩුව උත්සාහයක නිරත වෙනවා. ඒ වගේම මේ වනවිට දිවා ආහාරය අවස්ථා දෙකකදී පිරිනමන බවත් වාර්තා වෙනවා. නමුත් පසුගිය කාලයේදී මෙවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. කෙසේ නමුත් ආණ්ඩුවේ මෙම කටයුත්ත පිළිබඳව ලැජ්ජා විය යුතුයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව රටට පැහැදිලි කිරීමක් සිදුකළ යුතුයි.
ඒ වගේම මේ වසර අවසානයේදී GSP+ සහනය අහිමි වීමේ විශාඩ ඉඩකඩක් තිබෙනවා. මෙම තීරු බදු සහනය හරහා රටේ කර්මාන්තවලට , අපනයනකරුන්ට විශාල සහනයක් ලැබුණා. මේ සහනය නිසා පසුගිය දශක කිහිපයේම නිමි ඇඳුම් අපනයනය විශාල ලෙස වැඩි කරගන්න ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තකරුවන්ට හැකියාවක් ලැබුණා. ඒ වගේම මත්ස්‍ය අපනයනය ඇතුළ විශාල අපනයන සංඛ්‍යාවක් සිදුකරන්න ශ්‍රී ලංකාවට GSP+ සහනය හරහා හිමිවුණා. ඒ හරහා ලෝකයේ වෙනත් රටවල් සමඟ තරග කරන්න ශ්‍රී ලංකාවට හිමිවුණා. ඒ වගේම මේ හරහා රටට විශාල ඩොලර් ආදායමක් ලැබුණා. GSP+ සහනය අහිමි වුණොත් යුරෝපා සංගමයේ රටවල්වලට භාණ්ඩ අපනයනය කරන්න තිබෙන අවස්ථාව අහිමි වෙනවා. යුරෝපා රටවල් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩවලට තිරු බදු අයකළහොත් විශාල ප්‍රශ්න රැසකට ශ්‍රී ලංකාවට හැකිවෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ අපනයන වෙනත් රටවලය අපනයනය කරන්න අවස්ථාව ආණ්ඩුව සලසා දීලත් නැහැ. GSP+ සහනය අහිමි වුවහොත් රටේ අපනයන කර්මාන්තයට විශාල ප්‍රශ්න රැසක් ඇතිවෙනවා. GSP+ සහනය දීර්ඝ කරන්න ආණ්ඩුවේ වෙනස්කම් කිහිපයක් ඇති කළ යුතු වෙනවා. ICCPR පනත යටතේ ලංකාව ක්‍රියාත්මක වන ආකාරය සාධාරණිකරණය කළ යුතුයි. ත්රස්තවාදව වැළක්වීමේ පනත අහොසි කළ යුතුයි. ඒ වගේම අධිකරණ ස්වාධීනත්වය ඇති කළ යුතු බවත් යුරෝපා සංගමය ඇතුළ ජාත්‍යන්තර ආයතන කිහිපයක්ම සඳහන් කර තිබෙනවා. ආණ්ඩුව අධිකරණයට සිදුකරන බලපෑම් GSP+ සහනය අහිමි වෙන්න බලපෑමක් වෙන්නත් පුලුවන්. GSP+ සහනය අහිමිවීම වළක්වා ගන්න ආණ්ඩුව නිල සාකච්ඡා ආරම්භ කර තිබෙනවාදැයි ප්‍රශ්නයක්. GSP+ සහනය අහිමිවීමෙන් ශ්‍රී ලංකාව තුළ තිබෙන කර්මාන්ත දිනෙන් දින වැසෙමින් තිබෙනවා. රටේ කර්මාන්තශාලා ආරක්ෂා කරන්නවත් ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙළක් දියත් කරලා නැහැ. GSP+ සහනය පිළිබඳව ඉක්මනින් කතා කරන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි.
ඒ වගේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය පිළිබඳව රට තුළ විශාල කතා බහක් ඇතිවී තිබෙනවා. ආණ්ඩුව මෙම සංශෝධනය කෙසේ හෝ ඇති කරන්න විශාල උත්සාහයක නිරත වෙනවා. කෙසේ නමුත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය මේ වනවිට අධිකරණයට ගොස් තිබෙනවා. ඒ අනුව අධිකරණයෙන් විභාග කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. ඒ වගේම අධිකරණයෙන් තීන්දු ලබා දෙන්නේ නීතිය අනුව බවත් මහජන අභිලාෂය මත නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙක් ප්‍රකාශ කරලා තිබුණා. මහජන අභිලාෂයට නොගැලපෙන තින්දු ලබාදීම අර්බුදකාරි තත්ත්වයක් ඇති වෙන්න ඉඩකඩ තිබෙන බවත් එම නීතිඥවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම රටේ තිබෙන අර්බුදකාරී ප්‍රශ්න අමතක කර ආණ්ඩුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් මේ හරහා අනිසි ප්රතිලාභ රැසක් රටට අත්වෙනවා. ඒ වගේම ගොඩ ගැසි තිබෙන නඩු ඉක්මන් කරන්න 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය ගෙන එන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් ලක්ෂ 11 ක් පමණ නඩු ගොඩ ගැසී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නෙවෙයි. මහාධිකරණයේ , මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණවලයි. ඒ නිසා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය නඩු කඩිනම් කිරීමේ කටයුත්තට බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය බලපානු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අඩුපාඩු වලට සෘජුව ආණ්ඩුව වගකිව යුතුයි. එම අධිකරණවල පුරප්පාඩු 8 ක් තිබෙනවා. ආණ්ඩුව එම පුරප්පාඩු පුරවන්න මේ වනතුරු කටයුතු කරලා නැහැ. ඒ වගේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ ඇප මත සහ සැකපිට සිටින පුද්ගලයන් සහ කණ්ඩායම් බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ආණ්ඩුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය යොදා ගන්නේ විරුද්ධ පක්ෂ මර්දනයට. ඒ වගේම ජාතික ජනබලවේගයේ ව්‍යවස්ථාවකට සමගි ජනබලවේගය විරුද්ධයි. නමුත් රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයකට සමගි ජනබලවේගය සහාය ලබා දෙන්න සූදානම්. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රචාරය කරන්නේ සම්පුර්ණ අසත්‍ය ප්රවෘත්ති. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය ආණ්ඩුව බලහත්කාරයෙන් සංශෝධනය කළෝත් ආණ්ඩුවට ගෙදර යන්න සිදුවෙනවා.
ඒ වගේම සමගි ජනබලවේගය බිම් මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් අනුරාධපුරයෙන් ආරම්භ කළා. ආණ්ඩුවේ අසාර්ථක වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්න කටයුතු කළා. එම වැඩපිළිවෙල ඉතා සාර්ථකයි. මෙම රැස්වීම් මාලාව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳව ගෙන යන මෙම වැඩපිළිවෙළ ලංකාව පුරා සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පෙරමග චාරිකා ලෙස වැඩසටහනක් ද සකස් කර තිබෙනවා. මහජනතා එකතු කර ගැනීමට සමගි ජනබලවේගය මේ හරහා කටයුතු කරනු ලබනවා. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සියලු පක්ෂ සමඟ එක යන්න වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී දෙමළ පක්ෂ නායකන් සමඟ සාකච්ඡාවක් පවත්වන්නත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු අභියෝගයක් නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ කාර්යය භාර්යය විශිෂ්ඨ ලෙස ඉටු කරනු ලබනවා. ඒ වගේම රටට බලපෑ ස්වාභාවික උවදුරු , ආර්ථික අර්බුද ඇතුළු රටට බලපාන අර්බුද පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් කතා කරනු ලබනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කරුණු වලට සවන් දුන්නානම් ජනාධිපතිවරයාට මීට වඩා හොඳට රට පාලනය කරන්න තිබුණා.‘‘






















