Thursday, October 29, 2026
HomeNEWSපළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අපේක්ෂාවයි - ඇමති නලින්ද

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අපේක්ෂාවයි – ඇමති නලින්ද

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි විසින් පසුගියදා පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පසුගිය (23)දා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මේ වසරේදී පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කර සීමා නිර්ණය කටයුතු කළහොත් මැතිවරණය පැවැත්වීම සඳහා මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවය.

මැතිවරණය පැවැත්වීම සඳාහ නීතියක් නොමැතිව මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් ඒ අනුව කඩිනමින් නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

“පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම තමයි රජයේ අපේක්ෂාව. අපිට මේ අවුරුද්දෙදි පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරලා, සීමා නිර්ණය කරලා දුන්නොත් මුදල් වෙන් කරලා තිබෙනවා පළාත් සභා මැතිවරණය පවත්වනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නෑ කියලා අදහසක් නෑ. පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා තියෙනවා ඒකෙන් ඒ කටයුතු සිදුවිය යුතුයි. මැතිවරණය පැවැත්වීම සඳහා නීතියක් නොමැතිව මැතිවරණයක් පවත්වන්න බෑ. නීතිය අපි කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img