Thursday, October 29, 2026
HomeNEWSපොදුරාජ්‍ය මණ්ඩලීය '2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' සුගත් වසන්ත ද සිල්වාට

පොදුරාජ්‍ය මණ්ඩලීය ‘2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය’ සුගත් වසන්ත ද සිල්වාට

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ‘නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය’ හිමිකරගෙන තිබේ.

ඒ, පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමිනි.

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය මගින් සංවිධානය කරනු ලබන “වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රී” ඇගයීම් යටතේ මෙය පැවැත්වේ.

මෙම සම්මානය සඳහා ෙසුගත් වසන්ත ද සිල්වා මහතාව නාමයෝජනා කරන ලද්දේ මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනමේ ශ්‍රී ලංකා ශාඛාව විසින් 2026 ජූලි 08 වන දින ලන්ඩන් නුවර පිහිටි CPA මූලස්ථාන ලේකම් කාර්යාලය වෙත මෙම නාම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘෂ්‍යාබාධිතභාවයක් සහිත ප්‍රථම මන්ත්‍රීවරයා වන ඔහු, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්වෙමින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්, සංඥා භාෂා පිළිගැනීම, ප්‍රවේශ්‍යතා ප්‍රමිතීන් සහ ව්‍යවස්ථාපිත සංශෝධන උදෙසා කැපී පෙනෙන නායකත්වයක් ලබා දී ඇත.

විශේෂයෙන්ම, 2026 ජාතික අයවැය යටතේ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් වෙන්වූ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශ 25කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමාලෝචන පවත්වමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වගවීම තහවුරු කිරීමට ඒ මහතා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img