Sunday, September 20, 2026
HomeNEWS22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පදනම් වී ඇත්තේ ප්‍රධාන කුළුණු තුන වන ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය සේම නිදහස් මාධ්‍ය සහ සිවිල් සමාජය ද එයට ඇතුළත් බවත් වත්මන් රජයේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී ඇති කුළුණු තුන ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විනාශ කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදීය.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී ඇති කුළුණු තුනට වෙන් වෙන් වශයෙන් බලය හිමි වෙනවා සේම මේ කුළුණු තුන තනිතනිවම සංවරණ හා තුළනවලට ලක් කරන බවත් මේ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන නමුත් 22 වැනි සංශෝධනය තුළින් බලය බෙදීම සංවරණ හා තුලන විනාශ කර ගරු අධිකරණයේ ස්වාධීනත්වය නැති කර ගරු අධිකරණය විධායකගේ අතකොළුවක් බවට පරිවර්තනය කිරීම මේ තුළින් සිදුවන බවත් මේ තුළ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම සං⁣කෝචනය වී ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ සීමා වී තනි පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කර එක් පක්ෂයක අණසකට පැලවත්තේ යටතට ගැනීම මේ තුළින් සිදුවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

22 එරෙහිව හඩ නැගුවේ අපියි

මේ ක්‍රියාව සඳහා විපක්ෂයක් ලෙස විරුද්ධ වූ බවත් නිද්‍රාශීලීව සිටි පාර්ශ්ව අවධි කර 22ට විරුද්ධව පාර්ලිමේන්තුවේ සහ ඉන්පිටත මේ හඩ නැගු බවත් මානව හිමිකම් ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන දූත පිරිස් හා ජාත්‍යන්තර පාර්ශ්වයන් පවා හමුවු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව ජනතා වරම අවභාවිත කරනවා

ආණ්ඩුවට අසීමිත වරමක් ඇති නිසා ජනතාව එවැනි වරමක් දුන් නිසා රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් යන බවත් මේ දේවල් ගැන ජනතාවට අවබෝධයක් ඇති කර ගැනීමේ කාර්යභාරය විපක්ෂය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමාජයේ සෑම ස්ථරයක්ම පැලවත්තේ අණසකට ගන්න හදනවා

එදා යෞවන සමාජ සාමාජිකයන් පැලවත්තෙන් පත් කරද්දි එදා විරුද්ධ වූයේ සමගි ජන බලවේගය බවත් මේ අය දැන් ගමේ ස්වාධීන ස්වේච්ඡා සංවිධාන සමිති ආදිය පැලවත්තකරණය කර තනිපක්ෂ පාලනයක් කරා ගෙන යාමට වත්මන් රජය ⁣උත්සාහ කරන බවත් තනි පක්ෂයකට රටම වහල් කර රටේම ජනතාව සිරකරුවන් කරන සංශෝධනයක් ලෙස 22 වැනි සංශෝධනය හැදින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රටේ ඇත්තේ බොරවයි පචයයි විතරයි

අද බොරුව ඇන්දවිල්ල පචය සමාජගත කරන්න කටයුතු කරන බවත් බොරුව නිසා 2019ත් 2024දීත් රට රැවටුණු බවත් 2022 රට බංකොලොත් වූයේ මේ බොරුව නිසා බවත් මේ නිසා අද ගොවි ජනතාවගේ සිට සමස්ත ලක්ෂ 220 ජනතාවම අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභිගයට ලක්වන විට අධිකරණ ක්‍රියාමාර්ග සඳහා විවිධ පාර්ශ්ව පැමිණි බවත් මෙහි දී සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස පෙනී සිටි බවත් සමගි ජන බලවේගය අනුර කුමාර දිසානායක ජනාධිපති කරන්න කටයුතු නොකළ බවත් 17, 18, 19, 20, 21 ආදී සංශෝධනවලට අත ඉස්සුවේ සමගි ජන බලවේගය නොව වත්මන් රජයේ සාමාජිකයන් බවත් මොවුන් දැන් 22ටත් අත උස්සන්න කටයුතු කරන බවත් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂය එවැනි දේවල් නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img