චීනය හා ඇමරිකාව එකඟතාවන් 8ක්
ඉකුත් 23වැනි දා සිට 25වැනි දා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු රාජ්‍ය සංචාරයකට එක්වුණා. එම කාලයේ දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කිරීම සහ ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය කරුණු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගත් අතර එකඟතාවන් 8කට එළඹ තිබෙනවා.
ගෞරවය, සාධාරණත්වය හා සමානාත්මතාවය පදනම්ව චීනය හා ඇමරිකාව ස්ථාවර, සංවර්ධනාත්මක උපායමාර්ගික සම්බන්ධතාවක් ගොඩ නැංවීමට දෙපාර්ශ්වය එකඟ වී ඇතැයි සදහන්. චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය යටතේ ලබාගෙන ඇති ඵලදායී ප්‍රතිඵල දෙරටේ රාජ්‍ය නායකයන්ගේ ඇගයීමට ලක් වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගයෙන් ලද සාර්ථක ප්‍රතිඵල ද ඇගයීමට ලක්ව තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය ක්ෂේත්රයෙහි දෙරට සංවාද ආරම්භ කිරීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව එළඹෙන නොවැම්බර් මාසයේ අදාළ සංවාදය පැවැත්වීමට නියමිතයි.
එළඹෙන නොවැම්බර් මාසයේ චීනය සත්කාරකත්වය දරන එපෙක් සංවිධාන නායක සමුළුව සහ එළඹෙන දෙසැම්බර් මාසයේ ඇමරිකාව සත්කාරකත්වය දරන ජී-20 කණ්ඩායමේ නායක සමුළුව වෙනුවෙන් අන්‍යෝන්‍ය වශයෙන් සහාය ලබාදීමට චීනය හා ඇමරිකාව එකඟ වී තිබෙනවා.
ඉරාන ප්‍රශ්නයෙහි ඇතැම් කරුණු සම්බන්ධයෙන් ද දෙරටේ රාජ්‍ය නායකයන් එකඟතාව පළ කළා. ඒ අනුව ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකරන බවට ලබාදුන් පොරොන්දුව ඉටු කළ යුතුයි. එසේම ඕනෑම රටක් හෝ ආයතනයක් ජාත්‍යන්තර ජල මාර්ගයන්හි ගමනාගමන ගාස්තු අය නොකළ යුතුයි.
චීන ජනපතිවරයාගේ ඇමරිකානු සංචාරයේදී දෙරටේ ජනපතිවරු දෙවන ලෝක යුද සමයේ දෙරට එක්ව යුද ජයග්‍රහණය ලබාගැනීමේ ඉතිහාසය සිහිපත් කරමින්, එවකට මිත්‍ර පාක්ෂිකයන් වූ බව සිහිපත් කළා.
Atlanta සත්වෝද්‍යානයේ යම් කාලයක් තුළ රැඳී සිටීමට බලාපොරොත්තුවෙන් චීන පැන්ඩාවන් දෙදෙනකු ඇමරිකාවට ලබාදීම, චීනය හා ඇමරිකාව පැමිණි එකඟතාවන් අතරින් තවත් විශේෂත්වයක්.






















