Sunday, September 27, 2026
HomeNEWSබද්දේගම, හල්පතොට වෙඩිතැබීමක්

බද්දේගම, හල්පතොට වෙඩිතැබීමක්

මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ඉලක්ක කර බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ දී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථය පැදවූ පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අතර, කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.

එම කාන්තාව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිය බව සඳහන්.

තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මියගිය කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසයට අත්සන් කිරිමට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

ඔවුන් ගමන් ගත් ත්‍රීරෝද රථයේ මග හරස් කරමින් ‍ටී 56 වර්ගයේ ගිනි අවිකින් මෙම වෙඩිතැබීම සුදුකර ඇති බව මූලික විමර්ශවලදී අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ.මෙවර එහි තේමාව වන්නේ “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනයයි“.ලෝක සංචාරක සංවිධානය (UNWTO) 1979 සැප්තැම්බර් මාසයේදී මෙම දිනය නම්...

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමකින් 17ක් මරුට

දකුණු අප්‍රිකාවේ Gauteng ප්‍රාන්තයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට...

ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන එක්දින තරගය අද

රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගය අද (27) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, මෙරට වේලාවෙන් පස්වරු 03.00ටයි. කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගෙන සිටින...

අයෝමාල් මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයට

20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අයෝමාල් අකලංක සමත් වුණා. ඒ අද (27) පැවති මූලික තරගය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img