Thursday, October 29, 2026
HomeNEWSකොළඹ මෙට්‍රෝ බස් අද සිට - බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් දැඩි වෙයි

කොළඹ මෙට්‍රෝ බස් අද සිට – බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් දැඩි වෙයි

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල ප්‍රකාශ කළා.

එමෙන්ම කොළඹ නගරය පුරා මෙට්‍රෝ බස් සේවාව අද සිට ක්‍රියාත්මක කරන බවයි මෙට්‍රෝ බස් සමාගමේ සභාපති එස්.එම්.පී. තිලකරත්න කියා සිටියේ.

රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල කියා සිටියේ උදෑසන 6 සිට උදෑසන 9 දක්වා එක් දිශාවකටත්, පස්වරු 4 සිට 7 දක්වා අනෙක් දිසාවටත් මාර්ගයේ ඇති මංතීරු තුනෙන් එක් මංතීරුවක් පොදු ප්‍රවාහන බස් රථ සඳහා වෙන් කිරීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් සහ ජනතාවට සුවපහසු ප්‍රවාහන සේවාවක් තහවුරු කිරීමේ අරමුණින්, ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 114 ක් අද සිට ධාවනයට එක්කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img