Thursday, October 29, 2026
HomeNEWSජපානයේ රන් පදක්කම දිනා රුමේෂ් දිවයිනට

ජපානයේ රන් පදක්කම දිනා රුමේෂ් දිවයිනට

පානයේ නගෝයා නුවරදී සාර්ථකව නිමාවට පත් වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ලෝක ශූර රුමේෂ් තරංග ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. හොංකොං සිට පැමිණි කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස්.611 දරන මගී ගුවන් යානයෙන් රාත්‍රී 11.30 ට පමණ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබුණි.

ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ මෙම දක්ෂ ක්‍රීඩකයා සඳහන් කළේ, නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් මෙවර රන් පදක්කම ජයග්‍රහණය කිරීම සිය මූලික අරමුණ වී තිබුණු බවයි. කෙසේ වෙතත් තරගය පැවති අවස්ථාවේදී ක්‍රීඩාංගනය ආශ්‍රිතව පැවති වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම වාර්තාව අලුත් කිරීමට තිබූ අවස්ථාව මගහැරී ගිය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එසේම සිය මව්බිම නියෝජනය කරමින් තරග බිමට පිවිසි තමන්ව දිරිගැන්වීම උදෙසා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් දැක්වූ සහයෝගය ඔහු විශේෂයෙන් ඇගයීමට ලක් කළේය. කිලෝමීටර් හයසියයකත් හත්සියයකත් අතර දුෂ්කර දුරක් ගෙවාගනිමින් නගෝයා ක්‍රීඩාංගනය වෙත පැමිණි එම සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත රුමේෂ් එහිදී සිය හෘදයාංගම කෘතඥතාව පළ කර සිටියේය.

මෙම ජයග්‍රාහී ක්‍රීඩකයා පිළිගැනීමේ කටයුතු වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් සහ රුමේෂ් තරංගගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img