Sunday, October 25, 2026
HomeNEWSඅධ්‍යාපනවේදීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නව ව්‍යවස්ථා සංශෝධනයක්?

අධ්‍යාපනවේදීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නව ව්‍යවස්ථා සංශෝධනයක්?

ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීම සඳහා නව ගුරු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටී.

ඒ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයින් සමග සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 02 වනදා ඉසුරුපායදී පැවැත්වුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එම ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ වහාම අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කළ හැකි බවද අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ගුරු පුහුණුව, විද්‍යාපීඨ සංවර්ධනය සහ ගුරු හා විදුහල්පති ඇතුළු සේවාවන් හයක වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img