ශ්රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ට ලබා දී තිබූ මරණ දඩුවම සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය අත්හිටුවයි.රජයේ උපදෙස් අනුව ශ්රී ලංකාවෙන් එහි ගිය විශේෂ නීති කණ්ඩායමක් සහ සෞදි අරාබියේ නීතිඥ කණ්ඩායමක් එක්ව ශ්රී ලංකා තානාපති කාර්යාලයේද සහයෝගයෙන් ඉදිරිපත් කරන ලද අභියාචනය සැලකිල්ලට ගෙන ශ්රේෂ්ඨාධිකරණය විසින් මෙම මරණ දඬුවම අත්හිටුවා ඇත.මෙම ශ්රී ලාංකික නීති කණ්ඩායමට අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ අසාද් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරු ඇතුළත් වූහ.
සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, ජෙඩා හි කොන්සල් ජනරාල් විනිසුරු මොහොමඩ් ලෆාර් සහ සිල්මි රියාස්දීන් යන මහත්වරු ද මෙම ක්රියාවලියට සහභාගී වූහ.






















