Monday, October 26, 2026
HomeNEWSගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට – සාක්ෂි සහිතව පාඨලී කියයි

පාඨලී චම්පික රණවක මහතා අද (26) දින ගල් අඟුරු විමර්ශනය පිලිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. මෙම අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මහතා හා නීතිඥ ශිරාල් ලක්තිලක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීම් සිදු කළා.

නීතිඥ ශිරාල් ලක්තිලක මහතා,

2012 වසරේ ගෙන්වන ලද ගල් අඟුරු නැව් 02 ක් පිලිබඳ කාංචන රත්වත්ත නම් පුද්ගලයා ලබා දුන් සක්ෂියකට පිළිතුරු ලබා දීමට මෙලෙස නොතීසි නිකුත් කර තිබු අතර, ලබන සතියේ අවශ්‍ය ලිපි ලේඛන ද සහිතව, එම සාක්ෂි ලබාදීම සිදු කිරීමට නියමිතයි.

කොමිසමේ ඉදිරිපත් කරන සාක්ෂි භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඉදිරියේ කරන යම් දේශපාලනික මඩ ප්‍රචාරයන් පිළිබඳවත් කොමිසම වෙත දන්වා සිටියා. දිනමිණ පුවත්පත සහ සමහර මාධ්‍ය දැනටමත් චම්පික රණවක මහතා චුදිතයෙක් කරන්න හදනවා. ඒ කරන පදනම් විරහිත චෝදනා වලට පිළිතුරු සැපයීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අප සතුව තියනවා. ලබන 05 වෙනිදට මේ සියලු කරුණු කොමිසම ඉදිරියේ දිගහැරෙයි.

මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ගල් අඟුරු කොමිසම ඉදිරියේ අපි මීට පෙරත් සාක්ෂි ලබා දුන්නා. දැනට ගල් අඟුරු නැව් 480 කට අධික ප්‍රමාණයක් ලංකාවට ගෙනත් තියනවා. මෙම සිදුවීමේ ප්‍රශ්නගත පුද්ගලයින් 18 දෙනෙක් කොමිසම වෙත කැඳවනු ලැබුවා. ඒ එක් අයෙක් තමයි කාංචන රත්වත්තේ කියන්නේ. එවකට ලංකා නැව් සංස්ථාවේ සභාපති ඔහුයි.

මේ ප්‍රශ්නගත 16,17 කියන නැව් වාර දෙක ගෙන්වුයේ වාරකන් සමයේ. අදාළ ගිවිසුමේ පැහැදිලිවම සඳහන් වෙනවා වාරකන් සමයේ ගල් අඟුරු ගෙන එන්න බැරි බව. එහෙම තියනකොට තමයි ගෙනාවේ, ඊටපස්සේ ඒ නැව් ගොඩ බාගන්න බැරි උනා. අපේ අවසරයකිනුත් තොරව, ගිවිසුමටත් පිටින් ආව දෙයක්. ඒ ක්‍රියාවලිය ගල් අඟුරු සමාගමෙන් හා නැව් සංස්ථාවෙන් තීරණය කලයුතු දෙයක්. ඊට පස්සේ අවස්ථාවේදීත් ඔවුන් නැව් වාර 05 ක් ගෙන්වන්න කටයුතු කරලා තිබුනා. අප විසින් ඒ නැව් ගොඩබාන එකට විරුද්ධව නියෝග දුන්නා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් ඒ නැව් ඔවුන් ගොඩ බෑවා. අපි මුදල් ගෙවන්න එපා කිවා, එකටත් නීතිපති එකෙන් මැදිහත් උනා. මේ පිලිබඳ කොමිසමේ හරියාකාරව පරීක්ෂණ කරලා ඇති.

මේ නැව් දෙක වාරකන් සමයේ අවේ, අපේ අවසරයකින් තොරව, ගිවිසුමට පටහැනිව ඒ පිලිබඳ වගකීම තියෙන්නේ අපිට නෙවෙයි, ලංකා ගල් අඟුරු සමාගමටත්, නැව් සංස්ථාවටත්.

අනුර කුමාර දිසානායක මහත්තයා කරපු ගල් අඟුරු නැව් 30 ක වංචාව යටපත් කිරීමට මාධ්‍ය සංග්‍රාමයක් පටන් අරන් තියනවා. අපි තීරණය කළා එම වංචාව අකුරක් නෑර හෙළි කරන්න. ලබන 12 වෙනිදා පදනම් ආයතනයේදී මේ අවස්ථාව එළඹෙනවා. වැදගත් මාධ්‍ය ආයතන වෙතත්, මේ පිලිබඳ උනන්දු සියලු දෙනාටම මේ කරුණු අපි හෙළිදරවු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img