Monday, October 26, 2026
HomeNEWSසුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

” සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය අංක 06, නිදහස් මාවත, කොළඹ 07 හි පිහිටි The College of Surgeons of Sri Lanka ආයතනයේදී 2026 ඔක්තෝබර් 23 සහ 24 දෙදින පුරා පැවැත්විණි. College of Specialists in Rheumatology, South Asian Surgial Care Society සහ The College of Surgeons of Sri Lanka ආයතනයන්හි සහයෝගයෙන් සංවිධානය කරනු ලැබූ මෙම සැසිය දින (2026.10.24) ‘රෝගාබාධ වලක්වා ගැනීම, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ සාමාන්‍ය ජනතාවගේ කාර්යභාරය’ තේමා කරගනිමින් පැවති අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා සහභාගි විය.

Communitity Intergration a Sensitization Day (ප්‍රජා ඒකාබද්ධතාව සහ දැනුවත් කිරීමේ දිනය) ලෙස අද දිනය නම්කර තිබූ අතර, ‘ආබාධ සහිත පුද්ගලයන්ට සහාය ලබාදීම සහ ඔවුන් නැවත ප්‍රජාව සමග ඒකාබද්ධ කිරීම පිළිබඳ දැනුවත් කිරීම’ මෙහි අරමුණ විය. පොලිස් නිලධාරීන්, පාසල් ගුරුවරුන් සහ ප්‍රජා නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සැසියේදී, සායනික කළමනාකරණ ක්‍රියාමාර්ග සහ ප්‍රතිකාර ක්‍රමවේද, රෝහලට ඇතුලත් කිරීමට පෙර ලබාදෙන හදිසි සත්කාර සහ නිශ්චිත ප්‍රතිකාර, ද්විතීයික වෛද්‍ය සංකූලතා වැළැක්වීම, විශේෂිත හෙද සත්කාර ක්‍රමවේද, ප්‍රජාව සමග නැවත ඒකාබද්ධ වීමේදී ඇතිවන අභියෝග සහ චලන හැකියාව වැඩිදියුණු කිරීම සඳහා භෞතචිකිත්සක ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගැනිණ.

සුෂුම්නා අනතුරු පිළිබඳ හැඳින්වීම සහ ආබාධ පුද්ගල සත්කාරයේ අත්‍යවශ්‍ය කරුණු, ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ පහසුකම් ලබාදීම, හදිසි අනතුරු වලක්වා ගැනීම සහ පූර්ව රෝහල් රෝගී කළමනාකරණය, පිලිකාමය රෝගී තත්ත්ව වලක්වා ගැනීම සහ ප්‍රතිකාර, ළමා ආබාධ තත්ත්ව, සන්ධි රෝග වලක්වා ගැනීම, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය, කශේරුකාවේ ඇතිවිය හැකි ආබාධ තත්ත්වයන් සහ වයස්ගත වූවන් සහ ආබාධ සහිත පුද්ගලයන් නිවසේදී රැකබලා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් විසින් දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් සහභාගි වූවන් දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය බිමල් රත්නායක
මහතා පළකල අදහස්,

සුෂුම්නා අනතුරක් නිසා පුද්ගලයෙකුගේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ අනතුර නිසා ඔහුට හෝ ඇයට සමාජයේ හිමි අවස්ථා, අයිතිවාසිකම් සහ ගෞරවය අහිමි විය යුතු නැහැ.!

ආබාධ සහිත පුද්ගලයන් නැවත සමාජය සමඟ ඒකාබද්ධ කිරීම කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපනයට පමණක් සීමා වූ කාර්යයක් නොවෙයි. ඔවුන්ට පහසුවෙන් ගමන් කළ හැකි ප්‍රවාහන පද්ධතියක්, ප්‍රවේශ පහසුකම් සහිත පොදු ස්ථාන, අධ්‍යාපනයට හා රැකියාවට සමාන අවස්ථා සහ ඔවුන්ගේ ස්වාධීනත්වය පිළිගන්නා සමාජ ආකල්පයක් ගොඩනැගීමත් ඒ හා සමානව වැදගත්…!

විශේෂයෙන්ම ප්‍රවාහන හා නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන අපට මේ පිළිබඳව විශාල වගකීමක් තිබෙනවා. අප ගොඩනගන නගර, මාර්ග, පොදු ප්‍රවාහන සේවා සහ අනෙකුත් යටිතල පහසුකම් සමාජයේ සියලු දෙනාටම සමානව භාවිත කළ හැකි විය යුතුයි..!

අනතුරු වළක්වා ගැනීමත්, අනතුරකට මුහුණ දුන් පුද්ගලයෙකුට නැවත ස්වාධීනව ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමත් අප සැමගේ සාමූහික වගකීමක්…!

මෙවැනි වැඩසටහන් හරහා වෛද්‍ය දැනුම සමාජය වෙත ගෙන යාමත්, ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වඩාත් සංවේදී හා වගකීම් සහගත සමාජයක් ගොඩනැගීමත් ඉතා වැදගත්…!

මෙම වැඩසටහන සංවිධානය කළ සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයටත්, ඒ සඳහා සහයෝගය ලබාදුන් සියලු වෛද්‍ය විශේෂඥයන්ටත්, සංවිධානවලටත් අපගේ ස්තුතිය පළ කරනවා…!

අපේ අරමුණ විය යුත්තේ ආබාධ සහිත පුද්ගලයන් සමාජයට ගැළපෙන ලෙස වෙනස් කිරීම නොව, සියලු දෙනාටම සමානව ජීවත් විය හැකි ලෙස සමාජ පරිසරයක් ගොඩනැගීමයි…!

මෙම අවස්ථාවට වෛද්‍ය නරේන්ද්‍ර පිංතු, ප්‍රියන්ත පීරිස්, වෛද්‍ය කීර්ති අභයජීව, වෛද්‍ය ජයමාල් ආරියරත්න, වෛද්‍ය ජයත්‍රී ජාගොඩ, වෛද්‍ය දුම්න්ද ආරියරත්න, වෛද්‍ය නිර්මාල් මාරසිංහ, වෛද්‍ය අජිත් කිත්සිරි යන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් මානව සම්පත් දායකයින් ලෙස සම්බන්ධ වූහ.

මාධ්‍ය ඒකකය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img