කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පළ කළ අදහස්මම කතා කරන්න යන්නේ”ත්‍රස්ත¬වා¬දයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත” සම්බන්ධවයි. ගරු ශ්‍රේෂ්ඨාධිකර¬ණය ඒ පිළිබඳ විමසීමක් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකර¬ණයේ නියෝ¬ග-යට කිසිසේත් බල¬පෑ¬මක් නොවන¬ අයු¬රින් තමයි මම මේ කරුණු දැක්වීම සිදුක‍්රන්නේ.
මෙමගින අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුව තිබෙනවා. නමුත් ජාත්‍යන්තර වශයෙන් මේ කරුණු කෙසේද සකස් වී තිබෙන්නේ කියන කරුණ පිළිබඳව මා මෙහිදී වැඩි අවධානයක් යොමු කරනවා.
“ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ” පනතෙහි පූර්විකාවනම් පැහැදිලියි.
ශ්‍රී ලංකා¬ව සහ ජනතවා ත්‍රස්ත¬වා¬දයෙන් ආරක්ෂා කිරීම සඳහා මේ පනත ඉදිරිපත් කරනවා.
මෙතැන වැද¬ගත් වන්නේ “ත්‍රස්ත¬වා¬දය” කියන්නේ කුමක්ද? එය ඉතා පුළුල් විෂ¬ය¬යක්. තාම ජාත්‍යන්තරව පැහැ¬දිලි¬වම විග්රහ කිරීමක් කර නැහැ මේ සම්බන්ධව. මෙයට නිර්වච¬නයක් නැහැ.
මේ පනතේ එක වගන්තියයි තිබෙන්නේ ත්‍රස්ත¬වා¬දීන් සම්බන්ධයෙන්. එක වගන්තියක් වටා තමයි මේ මුළු පනතම සකස් වෙලා තිබෙන්නේ. ඒ වගන්තිය තමයි පනතෙහි තුන්වැනි වගන්තිය.
මේ පනතේ පිටු 83ක් තිබෙනවා. මෙය කියෙව්වම ඇත්තටම බය වෙනවා. මේ පනතෙහි අඩංගු කාරණා නූල් බෝල¬යක් වගේ පැට¬ලිලා.
මෙන්න මේ තුන්වැනි වගන්තියේ තමයි මෙහි රහස තිබෙන්නේ. මෙය පටන් ගන්නේ ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ජන¬තාව ආරක්ෂා කිරීම යනුවෙනි. නමුත් තුන්වැනි වගන්තිය, ඒ කියන්නේ ප්‍රධාන වරද සහ එකම වරද සඳ¬හන් වී තිබෙන්නේ මේ ආකාරයටයි.
3 (1) වගන්තියේ මෙහෙම සඳහන් වෙනවා. වැරදි සහ දණ්ඩ¬නය (ඒ කොටස කොටස් වශයෙන්) “දේශ¬පා¬ලන හෝ මත¬වාදී අර¬මු¬ණක් ප්‍රවර්ධනය කිරීම සඳහා” යනුවෙන් තමයි මෙය ආරම්භ වන්නේ. මෙතැන ත්‍රස්තවාදී කියලා වචනයක් සඳහන් වන්නේ නැහැ.
මාධ්‍ය¬ තුළ හෝ තැනැත්තන් කණ්ඩා¬ය¬මක් භීෂ¬ණ¬කාරී තත්ත්වයක් ඇති¬කි¬රීම හෝ යම් තැනැත්තෙක්, තැනැත්තන් කණ්ඩා¬මක් තුළ භීෂ¬ණ¬කාරී තත්ත්වයක් ඇති¬කි¬රීම හෝ යම් ක්‍රියා¬වක් සිදු¬කිරීමට හෝ සිදු¬කිරී¬මෙන් වැළ¬කී¬ සිටී¬මට යම් ආණ්ඩු¬වක්, යම් ආණ්ඩු¬වක් හෝ සංවි¬ධා¬න¬යක්, ජාත්‍යන්තර සංවි¬ධා¬නය වෙත අය¬තු ලෙස බල¬පෑම් යෙදීම ලෙස බල-කීරි¬මෙන් ආදි වශයෙන් මෙහි දක්වා තිබෙනවා.
මන් ඒ සියල්ලක්ම කියවන්නට යන්නේ නැහැ. ඔබට මේ පනත හරහා ඒවා බලගත හැකියි. මෙතැන තිබෙන විශේෂම කාරණය තමයි මේ වාක්‍ය ඛණ්ඩය තුළ “යම්” කියන වචනය බොහෝ සෙයින් ඇතුළත් කර තිබෙනවා. එය ඉතා විශේෂයි. මොකද්ද මේ යම් කියන වදනයෙන් අර්ථ දක්වන්නේ?
මේ ආකාරයට යම්, යම්, යම්, කියලා හැමතැනටම දාලා, අන්ති¬මට කියනවා “ත්‍රස්ත¬වා¬දය” පිළිබඳ වරද සිදු¬කරු¬නු ලබන්නේ. දැන් මෙය පටන් ගන්නා අර¬මුණ කුමක්ද? දේශ¬පා¬ලන හෝ මත¬වාදී අර¬මුණක් ප්‍රවර්ධනය කිරීම.
ඒ කියන්නේ තමුන්ට මේ ආණ්ඩුවට විරුද්ධව යම්කිසි කෙනක්, දේශ¬පා¬ලන හෝ මත¬වාදී ක්‍රියා¬වක යෙදු¬නොත්, මේ යම් යම් යම් කියන වචන මාලා¬වෙන් ගල¬පා කියනවා එය ත්‍රස්ත¬වා¬දයක් බව.
මහාචාර්ය ජී. එල් පීරිස් මහතා ප්‍රකාශ කළ විදිහට මේ පනත හරහා දේශ¬පා¬ලන සහ සිවිල් අයිති¬වා¬සි¬කම් සම්පූර්ණ¬යෙන්ම උල්ලංඝනය වෙනවා. එය ඉතාම බරපතල තත්ත්වයක්.
ආණ්ඩුවක්, ජාත්‍යන්තර සංවිධාන කියන්නේ ආයතන. ඒවාට බලපෑමක් කරන්න බැහැ. බලපෑම් කළ හැක්කේ පුද්ගලයෙකුට පමණයි. ආණ්ඩුවට පුලුවන් කරුණු ඉදිරිපත් කරන්න. ආණ්ඩු¬වට බල¬පෑමක් සිදු¬වෙන්න බැහැ. ආණ්ඩු¬වට කියන්න බෑ පෙරලා දානවා කියලා. ප්‍රජා¬තන්ත්ර¬වාදී ක්‍රම¬යට බල¬පෑම් සිදු¬කරන්න පුලුවන්.
එය ත්‍රස්ත¬වා¬දයක් හැටියට මේ පනත හරහා පරිවර්තනය කර දෙනවා. කාට¬වත් මේක ගල¬ප¬ගන්න බැහැ. ඇත්තෙන්ම මේක කියෙව්වට පස්සේ මට පැරසිටමෝල් බොන්න සිදුවුණා. මෙය ඒ තරමටම පැටලිලි සහගතයි.
මෙය පැහැ¬දි¬ලි¬වම ICCPR පනතේ සම්මු¬තියට, එනම් 19 වැනි වග¬න්තියට පැහැදිලිවම පටහැනියි. 19(1) සිවිල් සහ දේශ¬පා¬ලන අයිති¬වා¬සි¬කම්, පිළි¬බඳ ජාත්‍යන්තර සම්මු¬තිය, ICCPR පනතෙහි 19 වැනි වග¬න්තියේ තිබෙනවා “කිසිඳු බාධාවකින් තොරව ස්වකීය මත දැරී¬මට සෑම තැන්තෙකුටම අයි¬ති¬වා¬සි¬කම් ඇත”.
දෙවැනි කාරණය, සෑම කෙනෙකු¬මට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇත්තේ ය. දේශ¬සීමා අනන්තයන්ගෙන් තොර¬ව, තොර¬තුරු සෑම අන්දමින්ම අදහස් වාචි¬කව, ලිඛි¬තව හෝ මුද්‍රිත, චිත්‍රා¬කා¬ර¬යෙන් එසේ නැතහොත් තමාට කැමති වෙනත් ඕනෑම මාධ්‍ය¬යකින් සොයා¬ගැ¬නී¬මට, ලැබී¬මට සහ දැනී¬මට නිදහස මෙම අයි¬ති¬වා¬සි¬කම් වලට ඇතු¬ළත් විය යුත්තේය. පැහැ¬දි¬ලි¬වම ඒ 19 වැනි වග¬න්තියෙන් සුර¬ක්ෂි¬තව තිබෙන ඒ අයි¬ති¬වා¬සි¬කම් තමා මේ වගන්ති¬යෙන් ඇතුළත් කර තිබෙන්නේ.
මේ පනතෙහි පිටු 63ක් කිය¬වී¬මෙන් පසුව, වරද තිබෙන්නේ, මුල, 59(1), වෙනත් යම් ලිඛිත ලේඛනයක කුමක් සඳ¬හන් වූවද, මේ පනත යටතේ වර¬දක් වීමට හේතු¬වන ක්‍රියා¬වක් යම් සංවි¬ධා¬නයක්, “මෙතැනත් යම්” යම් සංවි¬ධා¬න¬යක් නිරත වී සිටින බවට විශ්වාස කිරීමට ජනා¬ධි¬පතිවරයාට සාධා¬රණ හේතුවක් පව¬ති¬න¬ අවස්ථා¬වක, ජනා¬ධි¬පතිවරයා විසින් මින් මතු තහනම් කිරීමේ නියමයන්ගෙන් සඳහන් කරනු ලබන නියමයක් මගින් පනතේ විදිවිදාන තහනම් කරනු ලබනු හැක්කේය.
ඒ වගේම මේ පනත හරහා හමු¬දා¬වට මිලිටරි බලයක් ලැබෙනවා. පොලිස් නිලධාරීන්ගේ මැදි¬හත් වීමක් නැති¬වම හමුදාවට මේ පනත හරහා අත්අඩංගුවට ගැනීමේ බලය පැවරෙනවා. පැය 24 ක් ඒ අත්අඩංගුවට ගන්න කෙනා ඔවුන් බාරයේ රඳවා තබාගන්න පුලුවන්. ඉන් පසු තවත් පැය 48 ක් පොලිසිය බාරයේ තියාගන්න පුලුවන්. සම්පූර්ණ පැය 72ක්, ඒ කියන්නේ දින තුනක්. අත්අඩංගුවට ගන්න තැනැ¬ත්තාගේ මාන¬සික තත්ත්වය කුමක් වෙයිද?
මෙය ඇත්තෙන්ම රජ¬ය සිදු¬කරන ත්‍රස්ත¬වා¬දයක්.
ඒ විතරක් නෙමෙයි මේ පනතෙහි න්‍යශ්ටික අවි භාවිතය සම්බන්ධයෙනුත් සඳහන් කර තිබෙනවා. ඇත්තටම මෙය විහිලුවක්. තාම අපිට හරියට පිහියක්වත් හදාගන්න බැහැ. අපි කොහොමද න්‍යශ්ටික අවි හදන්නේ. මේ කර තිබෙන්නේ එක එක තැන්වලින් අහුලගත්ත වගන්ති මේ පනතට ඇතුළත් කර තිබෙනවා.
ආණ්ඩුවට දැන් අවබෝධ වෙලා තිබෙනවා ඔවුන් යම් අවධානමක සිටින්නේ කියලා. ඉතින් ඒ අවධානමට මුහුණදීම සඳහා එහෙනම් ආණ්ඩු බලය රැකගැනීම සඳහා තමයි ඔවුන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්නේ.
නමුත් උඩින් ලේබල් එකක් දාලා තියෙනවා, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම කියලා. නමුත් එහෙම වරදක් ගැන මෙහි කොතනකවත් සඳහන් වෙලා නැහැ. ඇත්තෙන්ම මෙහි කර තිබෙන්නේ ඇස්බැන්දුමක්. ඕන එක්කෙනෙක්ට මේක බලන්න මම දෙන්නම්.






















