Wednesday, November 11, 2026
HomeNEWSභාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත් වීමේ නොහැකියාව, බඩු මිල වැඩි වීම, රට සංවර්ධන වෙනවා වෙනුවට සංවර්ධන වැඩ අඩාල වීම සේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රජය උල්ලංඝනය කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් සංවිධානාත්මක අපරාධ වැළැක්වී⁣ම හා රාජ්‍යට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීම යනුවෙන් මර්දනකාරී පනත් ගෙනවිත් ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් රජය උල්ලංඝනය කරන බවත් ඊට අමතරව ගරුතර මහා සංඝරත්නයට පහත් ආකාරයෙන් සලකන බවත් විනයක් නැතිව නිර්ලජ්ජීත ආකාරයට ආරක්ෂක අංශ මහා සංඝරත්නයට සහ සිවුරට අගෞරව කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව අවසානයේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි

මේ හේතු නිසා විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් දුප්පත්කම තුරන් කිරීම, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සේම ගොවියා ධීවරයා කම්කරුවා ආදී ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරන්න පෙනී සිටින බවත් අද වන විට වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ආදී වෘත්තීයවේදීන් රට අතහැර යන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් පාසල් දරුවාගේ සිට නිදහස් සෞඛ්‍ය සේවයෙන් ප්‍රතිලාභ ලබන සමස්ත ලක්ෂ 220 ජනතාව අනාරක්ෂිත වී ඇති නිසා විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජන බලවේගය මේ ගැන අවධානය යොමු කර ජනතාව ජන දුකින් මුදවා ගන්න අවශ්‍ය උපරිම දේ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයවැයෙන් සහන දෙනවාද නැද්ද යන්න ජනාධිපතිවරයාගේ තීරණයක් බවත් භාණ්ඩාගාරය පිරී ඉතිරි ඇති අවස්ථාවේ ජනතාවට සහන දෙන්න අයවැයක් එන්නම ඕනිද කියා ප්‍රශ්න කළ යුතු බවත් පසුගිය කාලයේ ඉන්ධන මිල වැඩි වීමෙන් ජීවන බර වැඩි වී උද්ධමනය වැඩි වී ජන ජීවිත කඩා වැටී ඇති බවත් එක් පුද්ගලයකුට රු.17000-18000ක් මාසයක් ජීවත් වෙන්න ඇති බව පවසන්නේ විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක් තුළින් නොවන බවත් රජයට ජනතාව ගැන හැගීමක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම කම්කරු ජනතාව වෙනුවෙන් හඩ නැගු ජවිපේ අය අද ජනතාවගෙන් සන්තෝසම් ගන්න තැන⁣ට පත්ව ඇති බවත් මෙහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

එදා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරන අණපනත හදුන්වා දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමට වුවත් අද ත්‍රස්තවාදියා කවුද කියා නිර්වචනය කිරීමේ අයිතිය විධායකයට බාර දෙනවා නම් එය අහිතකර බව ජාත්‍යන්තර ආයතන සංවිධාන පවා පෙන්වා දී ඇති බවත් මෙය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා යාමක් බවත් අද රටේ දරුවන් පවා රජයේ වැඩ ගැන දන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img