Monday, November 16, 2026
HomeNEWSජනාධිපතිතුමාගේ අයවැය කතාව සුරංගනා ලෝකයක්- මරික්කාර්

ජනාධිපතිතුමාගේ අයවැය කතාව සුරංගනා ලෝකයක්- මරික්කාර්

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘ජනාධිපතිතුමා ලස්සන අයවැයක් පසුගිය දා ඉදිරිපත් කළා. ඒක අහගෙන ඉන්නකොට පැය පහක් තිස්සේ නිකන් මේ අවුරුද්ද ඉවර වෙනකොට ලංකාවේ සුරපුරයක් වෙනවා වගේ තමයි තිබ්බේ. මම හිතුවා එදා දවසේ බහිපර කාලගුණ තත්ත්වයක් නිසා මේ කෝපි එකක් බීලා අහගෙන ඉන්න පුළුවන් සුන්දර කතා පොතක් වගේ කියලා. මොකද මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එහෙමනේ. දැන් ඒ පොත අරන් බැලුවත් ඒක හොඳයි සීතල කෝපි එකක් බීලා ගොඩක් ලියවෙලා ඉන්න. දැන් ඇත්ත වශයෙන්ම ඒ සුරංගනා ලෝකය ඉදිරිපත් කරද්දී කතා අහන්න ඉද්දී මට හිතුණා මේක

ඒ අනුව විදේශික ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක් ඇති කිරීම , ආයෝජන කලාප ආශ්‍රිත සේවා කලාප ගොඩනැගීමට රුපියල් මිලියනයක් වෙන් කිරීම , බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නවතා දමා තිබූ සංවර්ධනය ලබන වසරේ මුල් භාගයේදී නැවත ආරම්භ කිරීම , නුවරඑළියේ හා දිගන අලුත් තාක්ෂණික ආයෝජන කලාප දෙකක් අමාත්‍යාංශය ආයෝජන මණ්ඩලය හරහා ඉදිකිරීම , ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීමට පියවර , 2026 පළමු කාර්තුව වන විට පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම , ඩිජිටල් පද්ධති හරහා මහජනතාවට සිදු කරනු ලබන ගනුදෙනු වෙනුවෙන් රාජ්‍ය සේවා ගාස්තු අය නොකිරීම , ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් ගොඩනගන්න රුපියල් බිලියන 100ක් වෙන් කිරීම , ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලයක් පිහිටුවීම , මුදල් නොනෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලුම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීම , බේරේ වැව සංවර්ධනය කර කොළඹ ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමට පියවර , ඒ සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කිරීම , මෙවර අයවැයෙනුත් වෙන් කරලා තිබුණා. කෙසේ නමුත් වැස්සට දැන් කොළඹ යට වෙනවා.

ඒ වගේම බන්ධනාගාර පද්ධතිය නිසා එළිමහන් සිරකඳවුරු කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීම , අස්වැසුම පවුල්වල දරුවන්ට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල වවුචර් ලබා දීම , ඩිජිටල් සන්නිවේදන කුලුනු සඳහා වසර පහක බදු සහනයක් , මහල් 16කින් යුත් ජාතික හෘද රෝග ඒකකය ආරම්භ කිරීමේ මූලික වැඩකටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කිරීම , මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන දොළොස්දහසක්, මහල් 16 ක හෘද රෝග ඒකකයක් , වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන එකොළොස්දහසක් යෝජනා කරලා තියෙනවා , ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 500 ක්.

ඒ වගේම රජයේ සේවය සඳහා 3%ක් ආබාධිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට යෝජනා කිරීම , රජයේ සේවකයන් ලබාදුන් දේපළ යෝජනා ණය යෝජනා ක්‍රමය නවීකරණය කරලා රුපියල් ලක්ෂ 50ක් දක්වා ලබාගත හැකි පරිදි සක්‍රීය කළා. එහිදී රජයේ සේවකයන්ට පළමු ලක්ෂ 30 දක්වා 4%ක පොලී සහනයක් සහ රුපියල් ලක්ෂ 30-50 දක්වා 2%ක පොලී සහනයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක් යෝජනා කරලා තිබුණා. ඒ වගේම වාහන අලෙවියේදී අය කරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කරගැනීමක් සිදුනොවන බව නිරීක්ෂණය වූ නිසා ආනයනික අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකර පසුව විකුණන අවස්ථාවලදී බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කර තිබෙනවා. එය 2025 අප්‍රේල් මාසයේ ඉඳලා ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා. කෙසේ නමුත් අප්‍රේල් මාසයේ ඉඳලා තව 15% අධිභාර බද්දකුත් දැම්මා.

ඒ වගේම කොළඹ වරාය හා වරාය නගරයට මාර්ග සම්ප්‍රවේශය ඇතිකිරීම අරමුණු කරගනිමින් කුලුනු මත අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින අතර, අධිවේගී මාර්ග ජාතික මාර්ග පද්ධතිය වෙත ඇතුළත් වීම සමඟ කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව ලෝටස් වටරවුම ප්‍රදේශය හා ගාලු පාර ප්‍රදේශයේ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කිරීමේ උපායමාර්ගයක් වශයෙන් කුලුනු මත ඇති කරන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ සිට වරාය නගරයට හා Marine Drive දක්වා සම්බන්ධ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය කිරීමට රුපියල් මිලියන 33ක ප්‍රතිපාදන යෙදවීම. කෙසේ නමුත් වැස්සට කොළඹ කිංස්බරි හෝටලය යටවෙනවා.

ඒ වගේම 75,000කට ආසන්න පිරිසකට කිසිදු ක්‍රමවේදයකට නැතිව රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය ලබාදීම , ඒ ගැන නම් සැකයක් තිබෙනවා , තමන් සතු ඉඩමක නිවසක් ඉදිකිරීමට හෝ පවතින නිවස ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 2 ක මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට යෝජනා කරනවා, ඒ සඳහා මිලියන 2000ක් වෙන් කිරීම යෝජනා කර තිබෙනවා. කෙසේ නමුත් මේ පාරත් මිලියන 5000ක් වෙන් කර තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. උතුරු පළාතේ යුද්ධය හේතුවෙන් කිසිම නිවසකට හිමිකමක් නැති පවුල් වෙනුවෙන් නිවාස 2500ක් සඳහා දැනට වෙන්කර තිබූ රුපියල් මිලියන 3850ක ප්‍රතිපාදනය රුපියල් මිලියන 5000 දක්වා වැඩි කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වගේම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නාගරික පැල්පත් ලෙස පවතින හෝ අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස හඳුනාගත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඇපල් වත්ත, මාදම්පිටිය, ෆර්ගස්සන් මාවත, ඔබේසේකරපුර, ස්ටේඩියම්ගම සහ කොළඹගේ මාවත යන තොරින්ටන් පරිශ්‍රයේ නිවාස ඉදිකිරීම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 15000 ක් වෙන් කරන බව පසුගිය අයවැයෙන් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මේ වනතුරු කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කරලා නැහැ. පසුගිය ආණ්ඩු ආරම්භ කළ ව්‍යාපෘති අවසන් කරන්න නම් ආණ්ඩුව කටයුතු කළා.
ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුවට විසඳුම් ලබාදී ‘තමන්ගේම තැනක්, ලස්සන ජීවිතයක් ‘ නිවාස වැඩසටහන් අධීක්ෂණය කරමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඒ යටතේ නිවාස 70000 ක් මධ්‍යකාලීනව ඉදිකිරීමට අපේක්ෂා කරන අතර 2026 වසරේ නිවාස 10000 ක් ඉදිකිරීම වෙනුවෙන් දැනට වෙන් කර ඇති රුපියල් මිලියන 7200ට අමතරව තවත් මිලියන 3000ක් වෙන් කිරීමට යෝජනා කර තිබුණා. කෙසේ නමුත් 10000 ක් කෙසේ වෙනතත් නිවාස 1000 ක් වත් ආණ්ඩුව හදලා නැහැ.

ඒ වගේම බල්ලන්ට බද්දක් ගහන්න යන බවට සමාජයේ කතා බහක් තිබුණා. ඒ පිළිබඳව යෝජනාවක් තියෙනවා. සුරතල් සතුන් භූමදානය, ආදාහනය සහ සුරක්ෂිතව රැකබලා ගැනීම සඳහා සේවා සැපයීම දිරිමත් කිරීමේ පදනම මත කැස්බෑව සහ පිළියන්දර ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනයන්හි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණාද කියලා මාධ්‍යවේදීන් සොයා බලන්න. විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් සහ විදේශගත ශ්‍රමිකයන් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා කර තිබෙනවා. කෙසේ හෝ මෙම එකඳු යෝජනාවක් වත් 2026 වසරේ ක්‍රියාත්මක කරන්න ජාතික ජනබලවේග රජය කටයුතු කරලා නැහැ. ඒ වගේම මා සඳහන් කළ අයවැය යෝජනාවල තියෙන ගණන්වලින් 50 %ක්වත් ඉටු කරලා නැහැ. මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ගවේෂණය කරලා බැලිය යුතුයි. ඒ වගේම දිට්වා වෙනුවෙන් බිලියන 500ක් වෙන් කරලා, සියයට 50 ක්වත් වියදම් කරලා, බිලියන 260ක් නැවත භාණ්ඩාගාරයට ලබාදී තිබෙනවා. දිට්වා කුණාටුවෙන් විනාශ වුණ කිසිදු දෙයක් නැවත සකස් කරලා නැහැ.

ඒ වගේම රුපියල් මිලියන ලක්ෂයක් අතුරු පාරවල් හදන්න වෙන් කර තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් තාර හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ලංකාවේ නැහැ. ඒ වගේම බිලියන 1400 ක් යටිතල පහසුකම් සඳහා වෙන් කරලා තියෙන බව ප්‍රකාශ කළා. කෙසේ නමුත් යටිතල පහසුකම් සඳහා රුපියල් වෙන් කරලා ඵලක් නැහැ. යටිතල පහසුකම් වලට අවශ්‍ය අමු ද්‍රව්‍ය පිටරටින් ගේන්න ඕන, ඒ අනුව සාමාන්‍යයෙන් 40%-45%ක් විතර ඩොලර් වැයවෙනවා. ඒ අනුව දළ වශයෙන් රුපියල් බිලියන 600ක් විතර අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් විතර වැය වෙනවා. මේ මුදල් කොහොමද ලබා දෙන්නේ යන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රට භාරදෙනකොට ඩොලරය රුපියල් 303යි, දැන් ඩොලරය රුපියල 337යි. මේ දවස්වල ඩොලර් වැඩි වෙනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් ණය ගෙවන්න තිබෙනවා. IMF කොන්දේසි අනුව රටේ සංචිතය ඩොලර් බිලියන 8.2 දක්වා ගෙනියන්න අවශ්‍යයි. මහා පරිමාණ ව්‍යාපෘති සඳහි ඩොලර් ගන්නේ කොහොමද?

ඒ වගේම ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය වෙනුවෙන් වැට් බද්ද බිංදුව කරනවා කිව්වා තවම කරලා නැහැ , විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කිව්වා තවම ක්‍රියාත්මක වෙලා නැහැ. වතුර බිල අඩු කරලා තියෙනවද? නැවෙන් බාන ගණනට තෙල් දෙනවා කිව්වා එයත් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ජනතාව ජීවත් කරවීම සඳහා අයවැයෙන් කිසිදු සහනයක් ලබාදිලා නැහැ. බඩු මිල අඩු වෙලා නැහැ, තෙල් මිල අඩු වෙලා නැහැ, කරන්ට් බිල අඩු වෙලා නැහැ, වතුර බිල අඩු වෙලා නැහැ, බෙහෙත් මිල අඩු වෙලා නැහැ. අයවැයෙන් මොකුත් අඩු කරලා නැහැ. එ වගේම සමස්ත ආදායමෙන් 86%ක් බදුවලින් ගන්න හදනවා. ඉතිරි ටික ණයට ගන්න හදන්වා. වියදම් කරන්න පොරොන්දු වෙලා තියෙන ගණන්වලින් හැම රුපියල් 100කටම රුපියල් 40කට ආසන්න ගණනක් ණය ගෙවන්න වෙනවා. 2026 අයවැය හරහා ආණ්ඩුව කඩාගෙන වැටෙන අයවැයක්. එළඹෙන 2027න් පස්සේ මේ ආණ්ඩුවට ගමනක් නැහැ. සුන්දර වචන හරබ තුළ සැගවී සිටින යක්ෂයා පිළිබඳව ජනතාව තේරුම් ගත යුතුයි.

ඒ වගේම දේශපාලනයෙන් තොරව යටිතල පහසුකම් කාරක සභාවේ මම ෆයිට් කරපු කරුණු 3 ක් සඳහන් කරලා තිබුණා, ඒ පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කරනවා. රත්මලාන ගුවන් තොටුපළ අඩු පිරිවැය (Low-cost) බජට් එයාර්ලයින්ස්වලට ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කරන බව සඳහන් කිරිම , අලුතෙන් සෝලා ගහන්න දීම සඳහා බැටරි පද්ධති සවිකර ගන්නා අයට සහනයක් ලබාදීම. මහාමාර්ග සහ දුම්රිය මාර්ග සම්බන්ධයෙන් කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් සතුටු වෙනවා. නමුත් මේ කටයුතු සිදුවනතුරු විශ්වාස කරන්න බැහැ. ඒ වගේම අපේ රටේ සැබෑ අර්බුදය තියෙන්නේ ඩොලර්වලට. සෘජු විදේශ ආයෝජනවලට, අපනයන වැඩි කිරීමට හෝ ගොවියාට සැබෑ නිෂ්පාදනයක් සහ වෙළෙඳපොළක් ලබාදෙන වැඩපිළිවෙළක් 2027 තියෙනවාද? මොකුත් නැහැ. ඒ වගේම මන්ත්‍රීවරුන්ට තමන් පත්වෙන දිස්ත්‍රික්කය සඳහා වැඩ කරන්න වෙන් කරලා තියෙන විමධ්‍යගත අරමුදල රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලයේ ඉඳලා වෙන් කළේ මිලියන 10ක්. තාමත් මිලියන 10ක් දෙන්නේ. මේක ප්‍රමාණවත් මදි, මේ මුදලින් ව්‍යාපෘති 15යි කරන්න පුළුවන්. විශාල දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට මේ මුදල ප්‍රමාණවත් නැහැ. ආණ්ඩුවේ මන්ත්‍රීවරු මිලියන 400, 500 කරගන්න උත්සහ කරනවා. ඒ නිසා අපි මේ මුදල වැඩි කරන්න ඉල්ලීමක් කළා.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

‍ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි. කාලගුණික විපර්යාසයන්හි නවතම...

සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත CCIB ය මගින් අත්අඩංගුවට

2015 -2019 සමයේ ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ රු. 31 ලක්ෂයකට අධික සේවක අතිකාල දීමනා වංචා කළ බව කියන සිද්ධියකට සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ...

අනුරාධපුර පූජා භූමියේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය ගැන මහා නායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතුයි- ෂිරාස් යුනුස්

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පූජාභූමියේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරනවා= අග්‍රාමාත්‍යතුමිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරන්න කටයුතු කරනවා 2027 අයවැයෙන් වෙන් කළ මුදල් නිසිපරිදි භාවිත කරන එක රජය විසින් ඔබට ලබා දෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img