මේ රටේ සෑම ගොවියෙකුටම පොහොර සහනාධාරය ලබාදීම සඳහා රුපියල් මිලියන 44000 ක් වෙන්කර තිබෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය ඇමැති ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) ප්‍රකාශ කළේය.
2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ටී.බී සරත් මහතා,
“මෙවර අයවැය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. ගොවියා වෙනුවෙන් කිසිවක් කර නැහැ කියනවා. පොහොර සහනාධාරය ලබාදී නැහැ කියනවා. මේ අයවැය සියලු ගොවියා වෙනුවෙන් පොහොර සහනාධාරය ලබාදී තිබෙනවා. රුපියල් මිලියන 44000 ක් ඒ වෙනුවෙන් වෙන්කර තිබෙනවා. 2025 වසරේ මූල්‍ය ප්‍රගතිය සියයට 75 ක් වෙනවා. මේ වසරේ දී ඊට වඩා ප්‍රගතියක් පෙන්නුම් කරනවා. නිවාස අධිකාරියෙන් පමණක් නිවාස 10000 ක් ඉදිකර තිබෙනවා. උතුරු නැගෙනහිර නිවාස 2500 ක් වෙනවා. වතුකරේ නිවාස 4000 ක් හදනවා. යතිවර මාපිය වැඩසටහන යටතේ නිවාස හදනවා. මේ වසරේ දී පමණක් නිවාස 26000 ක් පමණ ඉදිකරන්න පියවර ගෙන තිබෙනවා. ගම්වලට ගොස් මේ නිවාස බලන්න පුළුවන්. දිට්වා කුණාටුව අවස්ථාවේ නිවසක් හානි වුණා නම් ලක්ෂ 50 ක් ගෙවුවා. නිවාස 1600 ක් පමණ ඉදිකර අවසන් වී තිබෙනවා.
අර්ධ හානි නිවාස ලක්ෂයක් පමණ හදුනාගෙන තිබෙනවා. එයින් 63000 කට ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. 2015 – 2019 කාලයේ ගංවතුරක් ආවා. ඒ අවස්ථාවේ නිවාස 4996 ක් හදුනා ගත්තා. ඒ් සඳහා මිලියන 3471 ක් හදුනා ගත්තා. පෝස්ටර් ගහන්න විශාල මුදලක් වැයකර තිබෙනවා. ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ මිලියන 28900 ක් වෙන්කර තිබෙනවා. නිවාස 13000 ක් පමණයි හදලා තිබෙන්නේ. අපි ආණ්ඩු බලය අරගෙන වසර දෙකයි. දිට්වා සුළි කුණාටුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් නිවාස හදන්න පියවර ගෙන තිබෙනවා. මෙවර එක් නිවෙසක් ඉදිකරන්න රුපියල් ලක්ෂ 15 ක් ලබාදෙනවා. උතුරු නැගෙනහිර නිවාස 5000 ක් හදනවා. ඒ සඳහා රුපියල් මිලියන 5000 ක් වෙන්කර තිබෙනවා. අසාර්ථක රාජ්‍ය පාලනයක් කළ අය අද අපිට විවේචන එල්ල කරනවා. අද වනවිට ගොවියන්ට අවශ්‍ය සියලු දෑ සම්පාදනය කර තිබෙනවා. ආර්ථික පරිවර්තනයක් ආරම්භ කර තිබෙනවා.
සජිත් මහතා දිණුවොත් ලෝකයේ දියුණු රටවල නගර සභා සමඟ මේ රටේ පළාත් පාලන ආයතන සම්බන්ධ කරන බවට පැවසුවා. නමුත් පළාත් පාලන මැතිවරණයෙන් එහාට ගොස් ලෝකයේ දියුණු රටවල් වගේ දියුණු කරනවා කිවුවා. මේ අයවැය තුළ ගොවියාගේ අවශ්‍යතා ඉටුකරන්න මුදල් වෙන්කර තිබෙනවා. ගොවිබිමට සහන ලබාදෙන්න කටයුතු කර තිබෙනවා” පැවසීය.






















