දූෂණයට එරෙහි සටනේ ජාත්‍යන්තර සහයෝගීතාවයට නව නැම්මක්! 🇱🇰🤝🇷🇺
ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි සටනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2026 නොවැම්බර් 26 වන අද දින, රුසියානු සමූහාණ්ඩුවේ නීතිපති ගරු ඇලෙක්සැන්ඩර් ගුත්සාන් මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, ගරු විනිසුරු නීල් ඉද්දවල මැතිතුමා අතර, කොළඹදී අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබිණි. එය දෙරටේ ආයතනික සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරයි.මෙය හුදෙක් ගිවිසුමකට අත්සන් තැබීමක් පමණක් නොව, අවංකභාවය හා යහපාලනය ශක්තිමත් කිරීම, දැනුම හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් දූෂණයට එරෙහිව එක්ව සටන් කිරීම සඳහා දෙපාර්ශ්වයම තබන ලද අර්ථවත් පියවරකි.
විනිසුරු නීල් ඉද්දවල මැතිතුමා එහිදී අවධාරණය කළ පරිදි,“දූෂණයට දේශසීමා නැති බවත්, එබැවින් දූෂණයට එරෙහි සටනට ද දේශසීමා නොතිබිය යුතු බවයි .”
##අවංකභාවය, වගවීම සහ දූෂණයෙන් තොර අනාගතයක් උදෙසා… අපි එක්ව පෙරට!##






















