ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණී මහතා අතර හමුවක් පසුගිය 25 වෙනිදා සිදුවිය.
මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ පිහිටි නිවසේදී මෙම හමුව සිදු විය.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය පිළිබඳව වාගේම වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තාවේ.
























