තරුණ බුද්ධිමත් මන්ත්රිවරුන් අලුතින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු කාලය එළඹ තිබේ…
මහා පාරවල් වල තරුණ තරුණියන් ටයර් සෑයවල් වල පුළුස්සා දැමූ යුගයක් නැවත ඇති නොවීමට නම් තරුණ තරුණියන් මහ මැතිවරණයේදී බුද්ධිමත් තීරණයක් ගත යුතුයි..
තරුණ පරපුර රට භාර ගත යුතු කාලය එළඹ ඇති බැවින් තරුණ බුද්ධිමත් මන්ත්රිවරුන් අලුතින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු කාලය එළඹ ඇතැයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Bfha (2020.08.01) පස්වරුවේ ගාල්ල දිස්ත්රික්කයේ හබරාදූව ප්රදේශයේ පැවති හමුවක් අමතමින් අග්රාමාත්යවරයා සඳහන් කළේ රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම උදෙසා තරුණ ප්රජාවගේ දායකත්වය ඉතා වැදගත් වන බවයි.
රටේ ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්රජාව මෙවර මහ මැතිවරණයේදී නිවැරදි තෝරා ගැනීමක් සිදුකළ යුතුව ඇතැයි අග්රාමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දෙකඩ වී ඇනකොටා ගන්නා එක්සත් ජාතික පක්ෂය වෙනුවට රට ගොඩනංවා සංවර්ධනය කිරීමේ සැලසුම් සහගත ගමනක් සහිත ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්වැල් බැඳගන්නැයිද අග්රාමාත්යවරයා මෙහිදී තරුණ ප්රජාව ප්රජාවගෙන් ඉල්ලා සිටියේය.






















