Thursday, October 29, 2026
HomeNEWSLatest Newsපාවා දුන් අයට ඡන්දය දෙන්න එපා.

පාවා දුන් අයට ඡන්දය දෙන්න එපා.

පාවා දුන් අයට ඡන්දය දෙන්න එපා.

පරාජයක දී මහින්ද අත නොහැර ගිය ඔරිජිනල් පොහොට්ටුකරුවන්ගෙන් සමන්විත තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් අගෝස්තු 06 වෙනිදා පිහිටුවන  බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ – මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් රට ගොඩ නගා වැඩපිළිවෙල පාවා දෙන්නන් අවශ්‍ය නැති බව පැවසූ රණතුංග මහතා අගෝස්තු 05 වෙනිදා උදෑසනම ඡන්ද පොළට පැමිණ මහින්ද අත නොහැරි අය වෙනුවෙන් පමණක් ඡන්දය භාවිතා කරන්න යැයි ඉල්ලා සිටියේය.

කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ අද (02) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැලියේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“පසුගිය යහපාලනය මේ රටට කරපු විනාශය මෙතෙකැයි කියා නිම කල නොහැකියි. යහපාලනයක් නෙමෙයි ඒ කාලේ තිබුණේ ජඩ පාලනයක් . යූ.එන්.පී. එකයි, ශ්‍රී ලංකා එකයි, ජේ.වි.පී. එකයි, ටී.එන්.ඒ.එකයි, මුස්ලිම් අන්තවාදී පක්ෂයි ඔක්කොම එකතු කරගෙන මේ රට කාබාසිනිය කරලා දැම්මා. මහ බැංකුව මංකොල්ල කෑවා. ජාතික සම්පත් විකුණුවා. කුඩු හා පාතාලය හිස එසෙව්වා. රණවිරුවෝ, බුද්ධි අංශ හිරේ දැම්මා. හාමුදුරුවරුන්ට හිරි හැර කලා. ජාතික ආරක්ෂාව බිඳ වැට්ටුවා. පාස්කු ප්‍රහාරය වෙනකම් ඇස් කන් පියාගෙන හිටියා. කොටින්ම මේ රට විසාලාවක් කලා. රනිල් -මෛත්‍රි – සජිත් ඇතුලු මුළු යහපාලන නඩයම මේකට වගකියන්න ඕනෑ. එදා යහපාලන නඩය මහින්ද මහත්තයාට විරුද්ධව බොරු කියලා ජනතාව නොමග යවලා තමයි බලයට ආවේ. දැන් මේ අය දෙකට බෙදිලත් ආයෙත් ජනතාවට බොරු කියන්න පටන් අරන්. රනිල්ලාගේ – සජිත්ලාගේ බොරු වලට මේ රටේ ජනතාව රැවටුනු කාලේ දැන් ඉවරයි. මෙරට ඉතිහාසයේ බිහිවුණු දූෂිතම අසාර්ථකම ආණ්ඩුව රනිල්-මෛත්‍රී-සජිත් ගේ යහපාලන ආණ්ඩුවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය දුන්නේ බලාපොරොත්තු හුඟක් ඇතිව. විපක්ෂයේ කකුලෙන් ඇදීම්, බාධා කිරීම් මැදයි අපිට ඒවා ඉටුකරගන්න සිදුවුනේ. අගෝස්තු 05 වෙනිදාට රට තුල පොහොට්ටුවේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගත්තොත් එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් ජනවරමේ අපේක්ෂාවන් ඉටු කිරීමට අපිට හැකි වෙනවා. අපි තුනෙන් දෙකේ බහුතර බලයක් ඉල්ලන්නේ රනිල් – මෛත්‍රී ආණ්ඩුව ගෙන ආ රටට අහිතකර අණපනත් සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නයි. ඒකට අපි ලෑස්තියි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ ගැට ගැහුවා. කිව්වෙ නම් පාක්ෂිකයෝ රැකගන්න කියලයි. පහුගිය යහපාලනය නිසා ගොඩගිය එක ශ්‍රී ලංකාකාරයෙක් ගැන පුළුවන් නම් කියන්න. යහපාලන ආණ්ඩුව කාලේ රනිල්ගේ මෛත්‍රීගේ යහපාලන ආණ්ඩුවේ කටු සූප්පු කරපු අය අහිංසක පාක්ෂිකයා රැක්කද? නෑ…

අපි පොහොට්ටුව හැදුවේ ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයන්ගෙන්. පොහොට්ටුවේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති බණ්ඩාරනායක ප්‍රතිපත්ති තියෙන්නේ. අලියාට මුක්කු ගහපු මෛත්‍රී ගාව නෙමෙයි. ඒ නිසා මේ පාර ජන්දය දෙනකොට ජනවරම පාවා නොදෙන, මහින්ද හැර නොයෙන ඔරිජිනල් පොහොට්ටුකාරයෝ විතරක් පාර්ලිමේන්තුවට එවන්න. එහෙම නොවුනොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න බාධා එන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය සමඟ දීග කාපු අය සත පහකට විශ්වාස කරන්න බෑ. ඒ අය නැවත එහෙම නොකරාවි යැයි අපිට සහතිකයක් නෑ. ඒ නිසා ඔබ ඇත්තටම රටට ආදරය කරනවා නම් ජනවරම පාවා නොදෙන , තනතුරු වරප්‍රසාද වරදාන වලට යට නොවෙන අය පාර්ලිමේන්තු එවන්න. ජනවරම පාවාදෙන, තනතුරු වරදාන වරප්‍රසාද වලට ප්‍රතිපත්ති පාවාදෙන උදවිය මතක ඇතිව ගෙදර යවන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img