කොළඹ නගරය මෙන්ම හම්බන්තොටත් ආර්ථික නගරයක් බවට පත් කරනවා…..
හම්බන්තොටද කොළඹ නගරය මෙන් ආර්ථික නගරයක් බවට පත් කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුනේ නායක අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්රාමාත්යවරයා මෙසේ පැවසුවේ අද (2020.08.01) පස්වරුවේ හම්බන්තොට දිස්ත්රික්කයේ මහවෙල පහජ්ජාව ප්රදේශයේ පැවති හමුවක් අමතමිනි.
හම්බන්තොට දිස්ත්රික්කය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා W;amdokh lrk දිස්ත්රික්කයක් බවට පත්කිරීමේ අරමුණෙන් විධිමත් වැඩපිළිවෙළක් සිය රජය සමයේ ගෙනගිය නමුත් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එම වැඩපිළිවෙළ අඩාල වූ බව මෙහිදී අග්රාමාත්යවරයා සඳහන් කළේය.
එම වැඩපිළිවෙළ අඩාල කිරීමෙන් නොනැවතුණු යහපාලන රජය හම්බන්තොට වරාය විකිණීම හරහා අනාගතය තරුණ පරම්පරාවේ අභිවෘද්ධිය fjkqfjka බිහිකළ සම්පත් cd;shg wysñ l< nj o i`oyka lf<ah.
හම්බන්තොට වරාය විකුණන අවස්ථාවේ හම්බන්තොට දිස්ත්රික්කය නියෝජනය කළ ඇමතිවරු සහ රාජ්ය ඇමතිවරුන් යහපාලන රජයේ අමාත්ය මණ්ඩලය නියෝජනය කළ ද ඔවුන් කිසිවෙකුට වරාය විකිණීමට විරුද්ධ වීමේ හැකියාවක් නොවුනු බව ද පෙන්jd දුන් අග්රාමාත්යවරයා සඳහන් කළේ ඕනෑම රජයක් රටේ සම්පත් ආරක්ෂා කිරීමට මූලිකත්වය දිය යුතු බවයි.
යහපාලන රජය සමයේ අඩාල වූ හම්බන්තොට දිස්ත්රික්කය දියුණු කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයමින් හම්බන්තොට කර්මාන්තපුරය ඉදිකිරීම සදහා මේ වන විට සියලු කටයුතු යොදා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් කර්මාන්ත පුරය ඉදිකිරීමට යෝජිත ඉඩම් වෙන් කිරීම, ආයෝජන ගෙන්වා ගැනීම ආදී කටයුතු ආරම්භ කර ඇත. මෙම වැඩපිළිවෙල ක්රියාත්මක වීමෙන් පසුව පිට පලාත් වල සිටින තරුණ තරුණියන් පවා හම්බන්තොට කර්මාන්තපුරයට රැකියා සදහා පැමිණෙන තත්ත්වයක් ඉදිරියේදී නිර්මාණය වන බව o මෙහිදී අග්රාමාත්යවරයා වැඩිඳුරටත් සඳහන් කළේය.

























