Friday, October 30, 2026
HomeNEWSLatest Newsරට විකුණන ආණ්ඩුවකට බලය දෙන්න එපා...

රට විකුණන ආණ්ඩුවකට බලය දෙන්න එපා…

රට විකුණන ආණ්ඩුවකට බලය දෙන්න එපා…

රට ගැන ජාතිය ගැන කැක්කුමක් නැති එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් රටේ සම්පත් පිටරැටියන්ට විකුණා දැමුවා..

අද ජනතා නායකත්වය ඉල්ලා සිටින ඇතැම් පිරිස් එදා රටේ සම්පත් විකිණීමට සහයෝගය දුන්නා…

රට විකුණන ආණ්ඩුවකට බලය ලබා දීමෙන් වැළකී රට බේරා ගැනීම සඳහා තිබෙන ප්‍රධානතම අවස්ථාවේ පොහොට්ටුවට කතිරය ගසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (2020.08.01) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය, අහුංගල්ල ප්‍රදේශයේ පැවති  හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය රජය විසින් විකුණනු ලැබූ මේරට සම්පත් නැවත පවරා ගැනීමට වත්මන් රජය දැඩි මහන්සියක් දරන බවයි.

පසුගිය යහපාලන රජයේ අවුරුදු පහක කාලය යනු ආණ්ඩුවක් වැඩක් නොකරපු කාලයකි.

2005 වසරේ බලයට පත් තම රජයේ පළමු වසර පහ තුළ අවුරුදු තිහක් පැවති යුද්ධය අවුරුදු තුනකින් අවසන් කිරීමට සමත් වූ බවත්, තමන්ගේ පාලනය යටතේ ඊළග වසර 5 ක කාලය තුළ රට සංවර්ධනයේ හිනිපෙත්තටම රැගෙන ගිය බවත්, අග්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.

එම කාලය තුළ වරාය, ගුවන්තොටුපළ, මහා මාර්ග, අධිවේගී මාර්ග,  රෝහල්, පාසල් ගොඩනැගිලි, ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සංවර්ධනය ක්‍රියාත්මක කළ අතර, සමස්ත දිවයිනම වැඩ බිමක් බවට පරිවර්තනය කරනු ලැබීය.

එදා නොදියුණු ගම්මාන වල ඇතැම් ප්‍රදේශ නගර බද ප්‍රදේශ බවට පත්කිරීමට තම පාලන කාලය තුළ හැකිවිය.

රටට වටිනාකමක් එක් කරමින් ගොඩනැඟූ සම්පත් විකුණා දැමීමට පසුගිය යහපාලන රජය කටයුතු කරන සමයේ ඊට මුල් වුයේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ජනතාවට හොඳ අවබෝධයක් ඇති බවත්, අද ජනතා නායකත්වය ඉල්ලා සිටින ඇතැම් පිරිස් එදා රටේ සම්පත් විකිණීම සඳහා සහයෝගය ලබා දුන් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රට ගැන ජාතිය ගැන කැක්කුමක් නොමැති එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් රටේ සම්පත් පිටරැටියන්ට විකුණා දැමූ බැවින්, අද වන විට ඒ බව තේරුම් ගත් එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල වශයෙන් පොහොට්ටුව වටා එකතු වෙමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img