Friday, October 30, 2026
HomeNEWSLatest Newsජනතාව එකමුතු වී කොවිඩ් උවදුර පාලනය කළා සේම මත් උවදුර නැති කිරීම...

ජනතාව එකමුතු වී කොවිඩ් උවදුර පාලනය කළා සේම මත් උවදුර නැති කිරීම සඳහාත් එකමුතුව කටයුතු…

කොවිඩ් උවදුර පාලනය කිරීමට ජනතාව එකට එකමුතු වූ ආකාරයටම  මත් උවදුර නැති කිරීම සඳහාත් එකමුතුව කටයුතු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අනාගත පරපුර මත් උවදුරෙන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ඒ සඳහා හැකියාව ඇති පිරිසක් බලයට පත්කිරීම වගකීමක් ලෙස සලකන ලෙස ද අග්‍රාමාත්‍යවරයා අද (2020.08.01) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ  ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති හමුවක් අමතමිනa ඉල්ලා සිටියේය.

සිය දූ දරුවන් ආරක්ෂා කරමින් ගමත් රටත් මත්ද්‍රව්‍ය උවදුරෙන් විනාශ වීම වැළැක්වීමේ හැකියාව ඇත්තේ ජනතාවගේ සහායෙන් බව යළි යළිත් අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා කුමන පක්ෂයට ඡන්දය දුන්නත් මත් උවදුර නැති කිරීම සඳහා සියලු ජනතාව ඒකරාශි විය යුතු බවද පැවසීය.

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොවිඩ් වසංගතය පාලනය කිරීමේ හැකියාව ලැබුණේත් ජනතාව ජනාධිපතිවරයා සමඟ එකට සිට ගැනීම නිසා බවයි. 

ඒ ආකාරයෙන්ම මත් උවදුර තුරන් කිරීම සඳහාත් ජනතා සහාය හිමිවන්නේ නම් සිය රජයක් යටතේ අනාගත පරපුර සඳහා මත්ද්‍රව්‍යයෙන් තොර රටක් නිර්මාණය කිරීමට හැකිවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img