Friday, October 30, 2026
HomeNEWSLatest Newsශක්තිමත් රටක්, ශක්තිමත් ආර්ථිකයක් අපි පසුගිය යහපාලන රජයට භාර දුන්නා..

ශක්තිමත් රටක්, ශක්තිමත් ආර්ථිකයක් අපි පසුගිය යහපාලන රජයට භාර දුන්නා..

ශක්තිමත් රටක්, ශක්තිමත් ආර්ථිකයක් අපි පසුගිය යහපාලන රජයට භාර දුන්නා..

අපට භාර දුන්නේ කඩාවැටුණු ආර්ථිකයක් බංකොලොත් වූ රටක්..  

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් පිරිසක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි..

ශක්තිමත් රටක්, ශක්තිමත් ආර්ථිකයක් පසුගිය යහපාලන රජයට භාර දෙනු ලැබුව ද කඩාවැටුණු ආර්ථිකයක් බංකොලොත් වූ රටක් නැවත භාරදීමට යහපාලන රජය කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (2020.08.01) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ යහපාලන ආණ්ඩුව විසින් භාරදුන් කඩාවැටුණු ආර්ථිකයක් සහිත රට ගොඩ නැගීම වෙනුවෙන් ශක්තිමත් පිරිසක්  පාර්ලිමේන්තුවට පත්කර ගත යුතු බවයි. 

යහපාලන රජයේ අදුරදර්ශී වැඩපිළිවෙළ නිසා කඩාවැටුණු රට ඉන් මුදවා ගැනීම මෙන්ම කොරෝනා වසංගතය නිසා අඩපණ වූ ආර්ථික ක්ෂේත්‍රයන් ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ආර්ථික සැලසුම් රැසක් දියක් කොට තිබේ. 

ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල සහයෝගයෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් කොරොaනා වසංගතය සාර්ථකව මැඩපැවැත්වීමට හැකියාව ලැබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වීම නිසා කොරෝනා වසංගතය සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවීම යුධ ජයග්‍රහණයක් හා සමාන යැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඉදිරි දැක්මක් සහිත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභා.Hයේ දැක්ම වැඩපිළිවෙළ හැට නව ලක්ෂයක් ජනතාව දැනටමත් අනුමත‍ කර ඇති බැවින්, එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් පිරිසක් පාර්ලිමේන්තුවට අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img