Thursday, October 29, 2026
HomeNEWSLatest Newsපොහොට්ටුවට ලබාදී ඇති විශිෂ්ට ජනවරමට ගරු කරන බව එජාපයේ වජිර අබේවර්ධන කියයි.

පොහොට්ටුවට ලබාදී ඇති විශිෂ්ට ජනවරමට ගරු කරන බව එජාපයේ වජිර අබේවර්ධන කියයි.

පොහොට්ටුවට ලබාදී ඇති විශිෂ්ට ජනවරමට ගරු කරන බව එජාපයේ වජිර අබේවර්ධන කියයි.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී රජයට අති බහුතර ජන බලයක් ලබාදී තිබෙන බවත් එම ජනතා තීන්දුවට හිස නමා ගරු කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද සවස ගාල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. විපක්ෂයේ සියලුම පක්ෂ ල ඡන්ද එක්කල ද රජය ලබාගෙන තිබෙන ජයග්‍රහණයට ළඟා විය නොහැකි බවත් අති බහුතර බලයක් හිමිකරගත් රජය සිදුකරන කටයුතු ගැන හොඳ අධීක්ෂණයකින් සිටින බවත් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කළ යුතු නොවන බවත් ජනාධිපතිවරණයේදීද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා මිලියන ගණනකින් පරාජය වූ බවත් වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති සංස්කරණයට වඩා සිදු කළ යුත්තේ නීති රීති තදින් ක්‍රියාත්මක කිරීම බවත් පරාජය යනු ජයග්‍රහණයේ මාවත යැයි සිතා ඉදිරියට කටයුතු කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img