Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඑජාප නව නායකයා පිළිබඳ අවසන් තීරණය ලබන බදාදා

එජාප නව නායකයා පිළිබඳ අවසන් තීරණය ලබන බදාදා

එජාප නව නායකයා පිළිබඳ අවසන් තීරණය ලබන බදාදා

විසිපස් වසරකට පසු රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

පක්ෂ මූලස්ථානයේදී අද (10) පැවති සාකච්ඡාවක දී වික්‍රමසිංහ මහතා මෙම තීරණය දැනුම් දී ඇත. 

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ නව නායකත්වයට සිව්දෙනෙකු නම් යෝජනා වී ඇති අතර ඒ පිළිබඳ අවසන් තීරණය ලබන බදාදා ප්‍රකාශයට පත් කරන බවය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සහ පක්ෂයේ නිලධාරී මඩුල්ල අද පෙරවරුවේ සිරිකොත දී රැස්වුයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවය.

එළැඹෙන බදාදා නව නායකයෙක් පත් කරන බව ද ඔහු පවසා තිබේ.

නායකත්වය බාරගැනීමට සුදානම් අය සිටීනම් ඉදිරිපත් වන්නැයි, රනිල් වික්‍රමසිංහ මහතා අද සාකච්ඡාවට සහභාගි වූ හිටපු මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.

එම අවස්ථාවේදී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන මහත්වරුන් නායකත්වය ලබාගැනීම සඳහා ඉදිරිපත් වී තිබේ.

එම පිරිස අතරින් අයෙකු පක්ෂයේ ඒකමතික තීරණයෙන් එළැඹෙන බදාදා පක්ෂ නායකත්වයට නම් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img