විදෙස්ගතව පැමිණි දෙදෙනෙක්ට කොරෝනා
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව, මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2869ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (10) වන විට රෝගීන් 2593 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව, මෙරට රෝහල් වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 ආසාදිතයින් ගණන 265 කි.






















