Sunday, November 15, 2026
HomeNEWSLatest Newsහිටපු අමාත්‍ය මංගල සමරවීර කළ ඉල්ලීම

හිටපු අමාත්‍ය මංගල සමරවීර කළ ඉල්ලීම

හිටපු අමාත්‍ය මංගල සමරවීර කළ ඉල්ලීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අගෝස්තු පස්වැනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් තමාගේ සුභාශිංෂණය පිරිනමන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

එසේම, මෙවැනි ජය ලබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් මෙම ජයග්‍රහණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී  වූත් නිදහස් වූත් ශ්‍රී ලාංකීය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කරගන්නැයි මේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතර ජනතාව වෙනුවෙන් තමා ඉල්ලා සිටිනවා යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරයි.

“ලෝක මට්ටමින් මුහුණ දෙන කොරෝනා වෛරස් අවධානම ඉදිරියේ වුවද මැතිවරණ සමයේදී මෙන්ම ඡන්දය දිනය තුළත් ඉතාමත්ම කාර්යක්ෂම සේවයක් සැපයූ සියලුම රාජ්‍ය ආයතන, විශේෂයෙන් මැතිවරණ කොමිසම හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්,  සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ  ශ්‍රී ලංකා පොලීසිය, හමුදාමය මැදිහත් වීමකින් තොරව කාර්යක්ෂම සිවිල් පාලනයක්,  සිවිල් සේවයක් ලබා දෙන්නට පුළුවන් බව ඒ තුළින් ඔප්පු කළා. ඔවුන්ගේ කාර්යශූර සේවයට ද පැසසුම් එක්කරමි”.

“මේ  ජයග්‍රහණයට සුබ ප්‍රාර්ථනා කරනවා වගේම මා තුළ  මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විශාල බියක් ද හට ගෙන  තිබෙන බව ද අවංකවම ප්‍රකාශ කළ යුතුය. මක්නිසාද යත්, මේ දැවැන්ත ජයග්‍රහණය රටේ තවත් දැවැන්ත පරාජයක, එසේ නැතිනම් තවත් මහා පසු පිම්මක පෙර නිමිත්තක් වනු ඇතැයි අපගේ දේශපාලන අතීතය ආවර්ජනය කරන විට  මට සැකයක් මතුවේ. මා මේ කියන්නේ ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති සහ මා විශ්වාස කරන සාරධර්මයන්  සහ ප්‍රතිපත්ති හාත්පසින්ම වෙනස් නිසා විතරක් නෙමෙයි.” යනුවෙන් ද ඔහු පවසයි.

හිටපු අමාත්‍යවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img