Sunday, November 15, 2026
HomeNEWSLatest Newsකුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තුව ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තුව ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තුව ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ලබන 24 වන දා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

තමන්ව අත්අඩංගුව ගැනිම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළහ.

මෙහිදී විනිසුරු මඬුල්ල අවධාරණය කළේ මෙම පෙත්සම් සියල්ල විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව සහ දැනට නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දු ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

ඒ අනුව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව මේ වනවිට අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන බැවින් එම වරෙන්තු ලබන 24 වන දා තෙක් ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

කුරුණෑගල පිහිටි බුවනෙක බාහු රජ සමයට අයත් බව කියන ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පසුගිය දා වරෙන්තු නිකුත්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img