Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට

හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුර මුහුදේ, සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි තිබී නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ කහ තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නාවික හමුදා බාරයට ගත් කහ තොගයේ බර, තෙත බර සහිතව කිලෝග්‍රෑම් 6381ක් පමණ වන බව නාවික හමුදාව පවසයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබා දී ඇති සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව විෂබීජහරණය කරන ලද කහ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සිටි සැකකරුවන් සිව්දෙනා ඉන්දියානු ජාවාරම්කරුවන් සමග මුහුදේ දී ස‌බඳතා පැවැත් වූ බවට සැකකරන බැවින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඇතුළුව නිරෝධායනය සඳහා යොමු කර ඇත.

මේ අතර නාවික හමුදා බාරයට ගත් යාත්‍රාවේ සිටි සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත, මෙම ජාවාරමට සම්බන්ධ ගැණුම්කරුවන් ලෙස සැකකෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු ද නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ හලාවත පොලීසිය එක්ව හලාවත නගරයේ දී කුඩා වෑන් රථයක් සහ මුදලින් රුපියල් 2,242,500ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අවුරුදු 27- 66 අතර වයසේ පසුවන වත්තල, කටුගස්තොට, මහනුවර, බේරුවල සහ තොඩුවාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.

එම පිරිස අතර අත්අඩංගුවට ගත් යාත්‍රාවේ හිමිකරුද සිටින බව නාවික හමුදාව පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හා භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා හලාවත පොලීසිය වෙත භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img