සිංගප්පූරුවේ සිටි පිරිසක් රැගෙන එයි
සිංගප්පූරුවේ රැඳී සිටි ශ්රී ලාංකිකයන් 283 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස අද (12) සවස 5ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බව “අද දෙරණ” ගුවන්තොටුපළ වාර්තාකරු පැවසීය.
ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර තිබේ.






















