Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅඩු වයසින් මහාචාර්යවරයෙක් වූ විශිෂ්ඨයෙක්ගේ නික්ම යෑම

අඩු වයසින් මහාචාර්යවරයෙක් වූ විශිෂ්ඨයෙක්ගේ නික්ම යෑම

අඩු වයසින් මහාචාර්යවරයෙක් වූ විශිෂ්ඨයෙක්ගේ නික්ම යෑම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) සවස බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතය.

මේ වනවිට කොට්ටාව සම්බුද්ධි වත්ත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත්කර ඇති අතර ඔහුට අවසන් බුහුමන් දැක්වීමට බොහෝ පිරිසක් පැමිණ සිටි බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පසුගිය 11 වන දා පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

1967 වසරේදී උපත ලද මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා දේශීය මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය හදාරා තිබේ.

කලක් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද කටයුතු කළ ඒ මහතා ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img