මුහුදු මාර්ගයෙන් ගෙනා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අම්බන්ගොඩ මුහුදු මාවත ප්‍රදේශයේ දී මැන්ඩි නැමැති කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බව පොලීසිය පවසයි.






















