Friday, September 4, 2026
HomeNEWSLatest Newsකර්මාන්ත පුනරුදයටල ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ‘පස් අවුරුදු සැලැස්මක්’

කර්මාන්ත පුනරුදයටල ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ‘පස් අවුරුදු සැලැස්මක්’

කර්මාන්ත පුනරුදයටල ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ‘පස් අවුරුදු සැලැස්මක්’

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම පිණිස ඉදිරි වසර 05 සඳහා සැලැස්මක් සකස් කිරීමට අදාළ ප්‍රථම සාකච්ඡාව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (26) උදෑසන පැවැත්විණි. මෙම සාකච්ඡාවට බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු සහ කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශයට අයත් රාජ්‍ය අමාත්‍යාංශ තුනෙහි ලේකම්වරු, අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන හා රාජ්‍ය සමාගම් 24 හි සභාපතිවරු හා අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු ආයතන ප්‍රධානීහු ද එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img