Saturday, October 24, 2026
HomeNEWSLatest Newsකරුගෙන් රනිල්ට සැර පිළිතුරක් . කරු ජයසූරිය මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්...

කරුගෙන් රනිල්ට සැර පිළිතුරක් . කරු ජයසූරිය මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පිළිතුරක් ලබා දී ඇත .මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

කරුගෙන් රනිල්ට සැර පිළිතුරක් . කරු ජයසූරිය මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පිළිතුරක් ලබා දී ඇත .මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණමෙන් ගලවා ගැනීම සදහා පොදු ජනතා සිතුම් පැතුම් වලට සමගාමී වන ලෙස පක්ෂයේ කඩිනම් ප්‍රතිසංවිධානයක් උදෙසා නායකත්වය දීමට තමා සූදානම් බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගම ඒ පිළිබදව පළව ඇති ඇතැම් ප්‍රතිචාර පිළිබදව කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක් කොට සලකමු.

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජයෙන් පසුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස් වන බවට පැහැදිළිව ප්‍රකාශයට පත්කෙරිණි. ඒ අනුව සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යයට නායකත්වය දෙන ලෙස කරු ජයසූරිය මහතා වෙත ඉල්ලීම් ගලා එන්නට විය.

කිසිසේත් නොසළකා හල නොහැකි තරම් වූ අදාල ඉල්ලීම් සියල්ල සැළකිල්ලට ගනිමින් එම දුෂ්කර වගකීම උර මතට ගෙන පක්ෂයත් පාක්ෂිකයාත් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට තමා සූදානම් බව පක්ෂ නායකත්වයට වාචිකව දැණුම්දුන් කරු ජයසූරිය මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ස්වකීය අදහස ප්‍රකාශයට පත්කරන ලදි. මෙය පක්ෂ සාමාජිකයන් හා පක්ෂයට හිතවත් ප්‍රගතිශීලී පුරවැසියන් අතිමහත් බහුතරයකගේ එකගත්වය මත ගනු ලැබූ තීරණයක් බවද අවධාරණය කරමු.

නමුත්, කරු ජයසූරිය මහතා සිය මතය ප්‍රකාශයට පත් කළ පසුව එතුමා සම්බන්ධයෙන් විවිධ අභූත හා හාස්‍ය ජනක චෝදනා දිගින් දිගටම එල්ලකිරීමේ ප්‍රවණතාවයක් දක්න ලැබේ.

1.      රනිල් වික්‍රමසිංහ මහතා ට ඉතාම සමීප ව කටයුතු කළ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා පිළිබදව කරු ජයසූරිය මහතා කරන ලද ප්‍රකාශයක් සමගි ජන බලවේගයෙන් තරග කළ ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි දායක වූ බැවින් කරු ජයසූරිය මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබිණි. ( එහෙත්, මෙම ප්‍රකාශය සමගි ජන බලවේගය බිහිවීමට පෙර එනම්, 2019 වර්ශයේ දී දේශපාලන අරමුණක් නොමැතිව පුද්ගලයෙකු අරභයා කරන ලද්දක් බවට තහවුරු වීමෙන් පසුව විනය පරීක්ෂණ උත්සාහය හකුලාගනු ලැබීය.)

2.      ඉන් පසු 2020.08.25 දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී කරු ජයසූරිය මහතා පිළිබදව තවත් පදනම් විරහිත හා හාස්‍යජනක ප්‍රකාශ දෙකක් සිදුකොට ඇති බව වාර්තා විය.

පළමුවැන්නනම්, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන හිටපු කථානායකවරයාව පක්ෂ නායකත්වයට පත්කිරීමෙහි ලා නීතිමය බාධාවක් පවතින බවයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව හා සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම්, එයට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතී විශාරදයින්ගේ මතයයි.

එමෙන්ම, 2015 සැප්තැම්බර් පළමු වනදින කථානායක ධුරයට පත් වූ කරු ජයසුරිය මහතා ඊට සමගාමීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති පදවියද උසුලන ලදි.  2020 මාර්තු 02 දිනෙන් කථානායක ධුරය අවසන් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය අඛණ්ඩව 2020 අගෝස්තු 20 දින දක්වා බලපැවැත්විණි. එම උත්තරීතර ධුරයන්ගේ ස්වාධීනත්වය රැකගැනීම සදහා කිසිදු දේශපාලන පක්ෂයක සක්‍රීය තනතුරක් නොදැරීමේ ප්‍රතිපත්තිය මත පිහිටා එතුමන් කටයුතු කරන ලදි.

දෙවැනි චෝදනාව නම්, කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවයි. එයද පක්ෂ සාමාජිකත්ව ව්‍යුහය පිළිබදව හෝ අවබෝධයකින් තො‍රව කරන ලද පදනම් විරහිත හාස්‍යජනක ප්‍රකාශයකි.

මින් වසර 20 කට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරු ජයසුරිය මහතා එක්ව ආරම්භ කළ 1000 M යාවජීව පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති කරු ජයසුරිය මහතාගේ පක්ෂ සාමාජිකත්වය අඛණ්ඩව බලපැවැත් වේ. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධරයට සමු දුන් වහාම නැවත 2020 අගෝස්තු 21 වන දින පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය පිණිස වාර්ෂික පක්ෂ සාමාජිකත්වය සදහා ද අයදුම් කළ ඒ මහතා මේ වන විට 2020 වර්ෂය සදහා පක්ෂ සාමාජිකත්වයද ලබා තිබේ.

කෙසේ වෙතත්, 2010 වසරේ සහ 2015 වසරේ දී පක්ෂයට පරිබාහිර පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමේ දී පවා සළකා නොබැලූ නිර්ණායක ඉදිරිපත් කරමින් මෙලෙස කටයුතු කිරීමෙන් තවදුරටත් විනාශය කරා ගමන් කරන්නේ පක්ෂය හා එයට දිවි දෙවැනි කොට ආදරය කරන පාක්ෂිකයන්මය. තවද ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීමෙහි ලා පුරෝගාමී වූ , එදා මෙදා තුර ශ්‍රී ලාංකික ජනතාවට අභිමානවත් ජීවිතයක් සදහා මග විවර කරන්නට කැප වූ දේශපාලන පක්ෂයක් මෙලෙස විනාශ මුඛයට ඇද දමා ඉතිහාසයට එක්කිරීමෙන් ඉටුකරනුයේ කවර පාර්ශවයක දේශපාලන උවමනාවක් දැයි ජනතාවට මනාව පැහැදිළි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img