Saturday, October 24, 2026
HomeNEWSDevelopment - Economyතිස් වසරක යුද්ධය නිසා නැගෙනහිරින් විශ්ව විද්‍යාල වලට යන දරුවන් අඩු වුණා....

තිස් වසරක යුද්ධය නිසා නැගෙනහිරින් විශ්ව විද්‍යාල වලට යන දරුවන් අඩු වුණා. -ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

තිස් වසරක යුද්ධය නිසා නැගෙනහිරින් විශ්ව විද්‍යාල වලට යන දරුවන් අඩු වුණා. -ආණ්ඩුකාර අනුරාධා යහම්ප

තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා නැගෙනහිර පළාතේ අධ්‍යාපන මට්ටම පහලටම  වැටී ඇති අතර තමාගේ නිල කාලය තුළ මෙම තත්වය වෙනස් කිරීමට දැඩිව අධිෂ්ඨාන කර ගන්නා බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර පළාතේ විශ්ව විද්‍යාල වරම් ලබන සිසුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර යෙන් පහල ගිය බවද ආණ්ඩුකාරවරිය කිවාය. වසර ගනණාවක් මුළුල්ලේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය පීඨයකට කිසිදු සිසුවෙකු තේරි නොමැති බවද ආණ්ඩුකාරවරිය කියා සිටියාය. ඇමරිකා එක්සත් ජනපදයේ ආධාර මත සාම්පූර් කූනතිව් නාවලර් විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

මේ සදහා වි‍ශේෂ ආරාධිතයෙක් ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති Alaina B.Teplitz මහත්මියද එක්ව සිටියාය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද කියා සිටියාය.

“ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සම්බන්ධතාවය 1948 වසරටත් එහා යුගයකට උරුමකම් කියනවා. අපේ ජනතාව වීරත්වයෙන් සලකපු හෙන්රි ස්ටීල් ඔල්කට්තුමා අපි මේ වෙලාවේ සිහි කරන්නේ ඉතාම ගෞරවයෙන්. 1870 දි බෞද්ධ ධර්මය ලංකාවෙන් නැතිවි යාමේ තර්ජනයක් තිබුණා එය නැවත පුනර්ජීවනය කිරීම සදහා අපේ රටේ බුද්ධිමතුන් විශාල උත්සහයක් ගත්තා ඒ සදහා එවකට විදේශිකයෙකු වු හෙන්රි ස්ටිල් ඔල්කට්තුමා විශාල සහයෝගයක් දුන්නා එතුමන් ලංකාවේ ඇති කළ අනෙකුත් දෑ අතරින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජාතික පාසල් ගනණාවක් තිබෙනවා මම විශේෂයෙන්ම සතුටු වෙනවා එවැනි ව්රෝධාර පුද්ගලයෙකු නිර්මාණය කළ රටේ තානාපතිවරිය සමග එකම වේදිකාවක සිටීම ගැන. අපේ රටේ අධ්‍යාපනය නංවන්න මේ ලබාදුන්නු ගොඩනැගිල්ල ඉතාම වටිනවා අපේ රටේ අධ්‍යාපනය ගැන අවධානය යොමු කිරීමේදි වත්මන් රජයට ඒ ගැන හොද දැක්මක් තියෙනවා අධ්‍යාපනය සදහා විශාල මුදල් වෙන් කිරීමක් කරලා තියෙනවා ඒ අතරම තව දෙයක් කිය යුතුයි. ශ්‍රී ලංකාවට ඇමරිකානු අධ්‍යාපන  ක්‍රමයෙන් ඉගෙනගත යුතු බොහෝ දෑ තිබෙනවා විශේෂයෙන් දරුවන්ට සහජ දක්ෂතා දියුණු තර ගැනීම සදහා ශිෂ්‍ය හිතකාමී පන්ති කාමර ක්‍රමයක් ඇති කළ යුතුය. අවාසනාවකට ලංකාවේ තවමත් තියෙන්නේ කට පාඩම් කර ගෙන විභාග වලට මුහුණදිමේ ක්‍රමයක් එය නැති කිරීම සදහා කාලය ඇවිල්ලා යැයි ද” ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අවස්ථාව සදහා නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජී.මුතුබණ්ඩා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.ටී.ඒ. නිෂාම් සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img