Wednesday, September 2, 2026
HomeNEWSDevelopment - Economyතිස් වසරක යුද්ධය නිසා නැගෙනහිරින් විශ්ව විද්‍යාල වලට යන දරුවන් අඩු වුණා....

තිස් වසරක යුද්ධය නිසා නැගෙනහිරින් විශ්ව විද්‍යාල වලට යන දරුවන් අඩු වුණා. -ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

තිස් වසරක යුද්ධය නිසා නැගෙනහිරින් විශ්ව විද්‍යාල වලට යන දරුවන් අඩු වුණා. -ආණ්ඩුකාර අනුරාධා යහම්ප

තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා නැගෙනහිර පළාතේ අධ්‍යාපන මට්ටම පහලටම  වැටී ඇති අතර තමාගේ නිල කාලය තුළ මෙම තත්වය වෙනස් කිරීමට දැඩිව අධිෂ්ඨාන කර ගන්නා බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර පළාතේ විශ්ව විද්‍යාල වරම් ලබන සිසුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර යෙන් පහල ගිය බවද ආණ්ඩුකාරවරිය කිවාය. වසර ගනණාවක් මුළුල්ලේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය පීඨයකට කිසිදු සිසුවෙකු තේරි නොමැති බවද ආණ්ඩුකාරවරිය කියා සිටියාය. ඇමරිකා එක්සත් ජනපදයේ ආධාර මත සාම්පූර් කූනතිව් නාවලර් විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

මේ සදහා වි‍ශේෂ ආරාධිතයෙක් ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති Alaina B.Teplitz මහත්මියද එක්ව සිටියාය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද කියා සිටියාය.

“ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සම්බන්ධතාවය 1948 වසරටත් එහා යුගයකට උරුමකම් කියනවා. අපේ ජනතාව වීරත්වයෙන් සලකපු හෙන්රි ස්ටීල් ඔල්කට්තුමා අපි මේ වෙලාවේ සිහි කරන්නේ ඉතාම ගෞරවයෙන්. 1870 දි බෞද්ධ ධර්මය ලංකාවෙන් නැතිවි යාමේ තර්ජනයක් තිබුණා එය නැවත පුනර්ජීවනය කිරීම සදහා අපේ රටේ බුද්ධිමතුන් විශාල උත්සහයක් ගත්තා ඒ සදහා එවකට විදේශිකයෙකු වු හෙන්රි ස්ටිල් ඔල්කට්තුමා විශාල සහයෝගයක් දුන්නා එතුමන් ලංකාවේ ඇති කළ අනෙකුත් දෑ අතරින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජාතික පාසල් ගනණාවක් තිබෙනවා මම විශේෂයෙන්ම සතුටු වෙනවා එවැනි ව්රෝධාර පුද්ගලයෙකු නිර්මාණය කළ රටේ තානාපතිවරිය සමග එකම වේදිකාවක සිටීම ගැන. අපේ රටේ අධ්‍යාපනය නංවන්න මේ ලබාදුන්නු ගොඩනැගිල්ල ඉතාම වටිනවා අපේ රටේ අධ්‍යාපනය ගැන අවධානය යොමු කිරීමේදි වත්මන් රජයට ඒ ගැන හොද දැක්මක් තියෙනවා අධ්‍යාපනය සදහා විශාල මුදල් වෙන් කිරීමක් කරලා තියෙනවා ඒ අතරම තව දෙයක් කිය යුතුයි. ශ්‍රී ලංකාවට ඇමරිකානු අධ්‍යාපන  ක්‍රමයෙන් ඉගෙනගත යුතු බොහෝ දෑ තිබෙනවා විශේෂයෙන් දරුවන්ට සහජ දක්ෂතා දියුණු තර ගැනීම සදහා ශිෂ්‍ය හිතකාමී පන්ති කාමර ක්‍රමයක් ඇති කළ යුතුය. අවාසනාවකට ලංකාවේ තවමත් තියෙන්නේ කට පාඩම් කර ගෙන විභාග වලට මුහුණදිමේ ක්‍රමයක් එය නැති කිරීම සදහා කාලය ඇවිල්ලා යැයි ද” ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අවස්ථාව සදහා නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජී.මුතුබණ්ඩා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.ටී.ඒ. නිෂාම් සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...

අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9081ක් නිකුත් කිරීමට පියවර ගත්තා-අධිකරණ ඇමති

මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.අධිකරණ ඇමති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img