Monday, October 26, 2026
HomeNEWSLatest Newsවිදුලිය බිඳ වැටීමට හේතුව

විදුලිය බිඳ වැටීමට හේතුව

ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳ වැටීමට හේතුව විදුලි අධිකාරිවරයෙකුගේ අත්වැරැද්දක් බව ඒ පිළිබඳ විමර්ශනය කළ කමිටු වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය 17 වැනි දා දහවල් 12.30ට පමණ ජාතික විදුලිබල පද්ධතිය හදිසි බිඳ වැටීමකට ලක්වුණේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයට යාබද ප්‍රධාන විදුලි උප පොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.

විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කිරීම සඳහා පැය 8ක පමණ කාලයක් ගතවු අතර පසුව නොරොච්චෝලේ බලාගාරය සක්‍රීය වනතුරු තාවකාලිකව කාල සටහනක් ඔස්සේ විදුලි සැපයුම විසන්ධි කිරීමට ලංකා විදුලිබලමණ්ඩලයට සිදුවුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ කමිටුවේ වාර්තාව පසුගිය දා විදුලිබල අමාත්‍යවරයා වෙත භාරදුන් අතර අද (26) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමටද එය ඉදිරිපත් කර තිබේ.

නොරොච්චෝලේ බලාගාරය වැනි තවත් බලාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහිදී පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img