Monday, October 26, 2026
HomeNEWSLatest Newsතවත් මත්ද්‍රව්‍ය ජාලයක් හෙළිවේ

තවත් මත්ද්‍රව්‍ය ජාලයක් හෙළිවේ

ඉන්දියාවේදී මියගිය බවට සැකකෙරෙන “අංගොඩ ලොක්කා”ගේ ගෝලයෙකුගෙන් ලද තොරතුරු අනුව හෙරොයින් කිලෝ 42ක් අද (26) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අඹතලේ ප්‍රදේශයේ දී සොයාගැනුණි.

ටී – 56 ගිනි අවි 03 ක්, ටී 56 උණ්ඩ 170ක් එම මැගසින් 03ක් හා පිස්තෝලයක් ද එහිදී සොයාගනු ලැබීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.

මෙම ආයුධ තොගය සොයාගත්තේ පසුගිය 22වන දා මෙරටින් පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත් වූ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.

ආයුධ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ සැකකරු තම නිලධාරීන් කැටුව ගොස් ආයුධ සඟවා තිබූ ස්ථානය පෙන්වූ බව පොලීසිය පවසයි.

මෙහිදී සොයාගත් හෙරොයින් කිලෝ 42 විදෙස් රටකින් ගෙන්වූ අයුරින්ම සඟවා තිබීම විශේෂත්වයකි.

මේ අතර අද පෙරවරුවේ මහර බන්ධනාගාරයේ නියාමකවරයෙක් හා ගුවන් හමුදා සිවිල් සේවකයෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

එහිදී පළමුව වේයන්ගොඩ කොරොස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ “දිනේෂ් රොෂාන්” නොහොත් “පොඩි කොයියා” නමැත්තෙකි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මේවන විට බන්ධනාගාර ගතව සිටින චමින්ද නොහොත් “රගරා” නම් ජාවාරම්කරුගෙන් ඔහුට හෙරොයින් ලැබෙන බවය.

එමෙන්ම ඔහු එහිදී පවසා ඇත්තේ මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු හරහා රගරා විසින් තමන්ට හෙරොයින් ලබාදෙන බවය.

පසුව අදාළ බන්ධනාගාර නියාමකවරයා උඩුගම්පොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේය. 

එහිදී ඔහු සතුව තිබී විවිධ පුද්ගලයන්ගේ බැංකු පොත් 10ක්, ඒ.ටී.එම් කාඩ් 15ක් සහ රුපියල් 56,000ක් සොයාගෙන තිබේ.

පසුව ගුවන් හමුදා සිවිල් නිලධාරියෙක් වේයන්ගොඩ, බෙම්මුල්ල ප්‍රදේශයෙන් හා තවත් පුද්ගලයෙක් වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මේ අතර පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 40ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් හා කේරළ ගංජා කිලෝ දෙක හමාරක් සමග සුරේෂ් කුමාර් නම් පුද්ගලයෙකු පමුණුගම පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තෙ ඔහු “කෙසෙල්වත්ත දිනුකගේ” ගෝලයෙක් බවය.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ධීවරයෙකු මෙන් පෙනී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර මොහුගේ බිරිඳ ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

මේ අතර ඊයේ (25) පස්වරුවේ පිලියන්දල, සුවාරපොළ ප්‍රදේශයේ දී හෙරොයින් පැකට් කරමින් සිටි අඹු-සැමි යුවලක් අත්අඩංගුවට ගැණුනි. 

එහිදී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 75කි.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය 39 හැවිරිදි හා 43 හැවිරිදි මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව ඇත්තේ කුලී පදනම මත ලබාගත් නිවසකය. 

මේ අතර උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් ඉලක්ක කරගෙන ගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුළමුල හෙළිකරගැනීමට කිරුළපන පොලීසියේ දූෂණ මර්දන ඒකකය සමත්ව තිබේ.

එහිදී 20 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු සතුව තිබී මත් මුද්දර, හෙරොයින් සහ හෂීස් සොයාගත් බව පොලීසිය පැවසීය.

කේරළ ගංජා කිලෝ 60ක් සමග සැකකරුවෙකු වත්තල දී අත්අඩංගුවට ගැනීමට සුරාබදු මත්ද්‍රව්‍යනාශක අංශය අද (26) සමත් වුණි.

එම ගංජා තොගයේ වටිනාකම එක්කෝටි විසිහය ලක්ෂයක් බව සුරාබදු නිලධාරීන් පවසයි.

මේ අතර අම්බලන්ගොඩ පැරට් මංසන්දියේ දී පසුගිය 22 වන දා බූරු අජිත් නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img