මෛත්රීගෙන් පැය දහයකට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගනියි .පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් පැය දහයකට ආසන්න කාලයක් තිස්සේ පාස්කු ප්රහාරය ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරීන් විසින් ප්රකාශ සටහන් කොට ගෙන ඇත .මහගමසේකර මාවතේ පිහිටි මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට ගොස් එම නිලධාරීන් ප්රකාශ සටහන් කරගෙන ඇත .පාස්කු ඉරිදා ප්රහාරය ගැන ලැබුණු තොරතුරු වලට අනුව ජනාධිපතිවරයා කෙසේ කටයුතු කළාද කියන කාරණය සම්බන්ධයෙන් මෙහිදී ප්රකාශ සටහන් කොට ගෙන ඇත.






















